කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී සිඟිති දරුවෙකු මුදලට විකිණූ මවක ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වයස අවුරුදු දෙකක් වයසැති දරුවෙකු මෙසේ මුදලට විකිණීම සම්බන්ධයෙන් සැකපිට ධර්මපුරම් පොලිසිය දරුවාගේ මවගේ අනියම් ස්වාමි පුරුෂයා සහ මුදල් දී දරුවා ලබා ගත් කාන්තාව ද අප්‍රේල් 25 වන දා ධර්මපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මුදලට දරුවා ලබාගත් කාන්තාව කවුද?
කටුනායක, ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක, දරුවාගේ මවට හා අනියම් ස්වාමි පුරුෂයා වෙත රුපියල් 40,000ක මුදලක් ලබා දී දරුවා ලබා ගෙන ඇතැයි ධර්මපුරම් පොලිසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය වෙත පැවසීයත
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් විසි දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරෙති: මෙහෙයවූ බව කියන භික්ෂුවත් අත්අඩංගුවට
එමෙන් ම ඔහු පැවසුවේ, දරුවාගේ මව යාපනයේ පදිංචිකාරියක වුව ද ඇයගේ අනියම් සැමියා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වී සිටින බැවින් දරුවාගේ මව ද මේ වන විට ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටින බව අනාවරණය වී ඇති බව ය.

අදාළ සිදුවීම සම්බන්ධව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අප්‍රේල් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ධර්මපුරම් පොලිසියේ අදාළ නිලධාරියා බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
දරුවා විකුණා ලබා ගත් මුදලින් කළේ මොනවා ද?
දරුවා විකුණා ලබා ගත් මුදලින් අනියම් ස්වාමි පුරුෂයා රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකතනයක් මිලට ගෙන ඇති අතර, රුපියල් 10,000ක් වියදම් කර එම පවුලේ වයස අවුරුදු 4ක් වූ අනෙක් ගැහැනු දරුවාට අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලට ගෙන ඇති බව කරුණු අනාවරණය වී තිබේ. ඉන්පසු ඉතිරි මුදලින් මීට පෙර ලබා ගෙන තිබු ණයක් ගෙවා දැමූ බවට සැකකරුගෙන් සහ සැකකාරියගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
එමෙන් ම, වයස අවුරුදු 4ක් වූ අනෙක් ගැහැනු දරුවා තැලිසීමියා රෝගයට ගොදුරුව ඇති බැවින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කුඩා දරුවා මුදලට විකිණූ බව ප්‍රශ්න කිරීම්වලදී දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත.

Post a Comment