මනුෂ්‍ය වර්ගයා දශක ගණනාවක් තිස්සේ මුහුණ දුන් බිහිසුණුම සතුරා වන පිළිකා රෝගය පරාජය කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට රුසියාව පැමිණ තියනවා.
රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවූ නවතම mRNA තාක්ෂණය සහිත පිළිකා එන්නත පසුගියදා පළමු වරට මොස්කව් නුවරදී රෝගියෙකුට සාර්ථකව ලබා දුන්නා.
මෙය සාමාන්‍ය වැළැක්වීමේ එන්නතක් නෙමෙයි, දැනටමත් පිළිකාවෙන් පෙළෙන රෝගීන් සඳහා ලබා දෙන ප්රතිකාරක එන්නතක්. එක් එක් රෝගියාගේ පිළිකා සෛලවල ස්වභාවය අනුව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරලා, පිළිකා සෛල පමණක් හඳුනාගෙන විනාශ කිරීමට මේ එන්නතට හැකියාවක් තියනවා.
මේ සුවිශේෂී එන්නත මුලින්ම ලබා දීලා තියෙන්නේ ඉතාමත් දරුණු ගණයේ චර්ම පිළිකාවකින් (Melanoma) පෙළෙන රෝගියෙකුටයි.

ඔයාලට මතක ඇතිනේ කොවිඩ් කාලේ ආපු mRNA තාක්ෂණය. ඒ සුපිරි තාක්ෂණයම තමයි පිළිකාව මර්දනය කරන්නත් මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ.
දැනට මේක සායනික පරීක්ෂණ මට්ටමේ තිබුණත්, ළඟදීම පෙණහලු පිළිකා වැනි අනෙකුත් දරුණු තත්ත්වයන්ටත් මේක අත්හදා බලන්න නියමිතයි.
මේ පර්යේෂණ සියල්ලම සාර්ථක වුණොත්, තව වසර කිහිපයකින් පිළිකාව කියන්නේ හෙම්බිරිස්සාවක් වගේ සුව කරන්න පුළුවන් සාමාන්‍ය ලෙඩක් වෙයි කියලා මුළු ලෝකයම දැන් ලොකු බලාපොරොත්තුවක ඉන්නේ.
ඉතින් පිළිකාව පරදවන ඒ සුබ දවස වැඩි ඈතක නෙවෙයි.

Post a Comment