පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්රදේශ සඳහා කලින් සැලසුම් කර තිබූ පැය 24ක ජල කප්පාදුව පැය 18ක් දක්වා සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පාරිභෝගිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම කාලය සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
පාරිභෝගිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම කාලය සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
කෙසේ වෙතත්, ජල සැපයුම අත්හිටුවීමට නියමිත දින වකවානුවල හෝ ප්රදේශවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Post a Comment