පහුගිය දවස් ටිකේම අපිට දැනුණු ඒ දැඩි රස්නය හෙටත් ඒ විදියටම දැනෙයි වගේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බවයි.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන පරිදි පහත පළාත්වල ජනතාව මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ...
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්.
මොනරාගල දිස්ත්‍රික්කය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙවර නිවේදනයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි කිසිම වෙලාවක කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යන්න එපා කියන එක. මෙවැනි අධික උණුසුම් කාලගුණයකදී වාහනයක් ඇතුළත උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන නිසා එය දරුවෙකුගේ ජීවිතයට පවා අනතුරක් විය හැකියි.

උණුසුමෙන් බේරෙන්න හිරු ගොසිප් අපෙන් ඔබට උපදෙස් කිහිපයක්,
පිපාසය එනකම් ඉන්නේ නැතුව නිතර නිතර ජලය පානය කරන්න.
රස්නය පාලනය කරගන්න සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් පාවිච්චි කරන්න.
පුළුවන් හැම වෙලාවකම සෙවණ ඇති ස්ථානවල ඉන්න. අධික වෙහෙසකාරී වැඩ මේ දවස්වල ටිකක් අඩු කරන්න.
නිවසේ සිටින වැඩිහිටි පිරිස් සහ රෝගී පුද්ගලයන් මේ තත්ත්වය ගැන නිරන්තර අවධානයෙන් තබා ගන්න.
හෙට දවසේ එළියට පහළට යනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Post a Comment