සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන රිය අනතුරු අවම කිරීම සඳහා දිවයින පුරා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
ඊයේ (08) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, උත්සව සමය තුළ මත්පැන් පානය කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා දිවා රාත්‍රී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම මහා මාර්ගවල සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අවුරුදු සමයේ ජනතාව සාප්පු සවාරි යාම සහ ගම්බිම් බලා යාම හේතුවෙන් ප්‍රධාන නගරවල මෙන්ම කොළඹ නගරය තුළ ද දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය අපේක්ෂා කරයි. එය පාලනය කිරීම සඳහා:
ප්‍රධාන වෙළෙඳ නගර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
අමතර පොලිස් කණ්ඩායම් මාර්ග රාජකාරි සඳහා අනුයුක්ත කිරීම.
සාප්පු සවාරි සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

රියදුරන් සහ මගීන් මාර්ග නීතිවලට අනුගත වෙමින් සහයෝගය ලබා දෙන්නේ නම් උත්සව සමය අනතුරු රහිතව ගත කිරීමට හැකි වනු ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Post a Comment