මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අලුතින්ම එක් වූ සුවිශේෂී නැකතක් වන 'හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත' හෙට (17) දිනට යෙදී තිබෙනවා. අවුරුදු නිවාඩුව අතරතුර හදිසි අවශ්‍යතාවන් මත සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන්ම මෙවර මෙම නැකත ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව හෙට පෙරවරු 5.38 ට සුබ දිශාව වන උතුරු දිශාව බලා රාජකාරී සඳහා පිටත්ව යෑම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ. මෙහිදී අනුගමනය කළ යුතු චාරිත්‍ර කිහිපයක් ද තිබෙනවා.

වර්ණය: රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම.
ආහාර: දී කිරි මිශ්‍ර කිරි බතක් සහ උදු මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කිරීම.
ඔබ හෙට හදිසි රාජකාරි සඳහා පිටත්ව නොයන අයෙකු නම්, සාමාන්‍ය පරිදි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 20 වැනි සඳුදා පෙරවරු 6.27 ට යෙදී තිබෙනවා. එදින සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී, දී කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම සුබයි.
මීට අමතරව, පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන් පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.01 ට යෙදී ඇති බවත් මතක් කර සිටිනවා.
ඉතින්, හෙට හදිසියේම වැඩට යනවා නම් මේ සුබ මොහොතින් ඔබේ ගමන ආරම්භ කරන්න අපෙන් සුබ පැතුම්!

Post a Comment