ඇය මනමාලියක් ලෙස සැරසී තමා අසලට එන දවස ගැන ඔහු දහසක් හීන දකින්නට ඇත.
ලෝකයාටම පෙනෙන්නට ඇගේ අත ගෙන අනාගතය දෙසට ඇවිද යන ඒ සොඳුරු ගමන ගැන ඔවුන් දෙදෙනාම ලස්සන බලාපොරොත්තු පොදි බැඳගන්නට ඇත. නමුත් දෛවය කෙතරම් කුරිරුද? දහසක් බලාපොරොත්තු අතරමඟ දමා, හදිසියේම පැමිණි අසනීපයක් ඇයව ඔහුගෙන් පමණක් නොව මේ මුළු මහත් ලෝකයෙන්ම උදුරා ගත්තේ සදාකාලික නිහඬතාවයක ඇයව ගිල්වමිනි.
අද කාලයේ ආදරය යනු බොහෝ දෙනෙකුට හුදෙක් වචනයක් පමණි. ලඟට ඇවිත් හීන පෙන්වා, බොරු පොරොන්දු දී, කාලයත් සමඟ වෙනස් වී හිත් කඩලා යන පිරිස් අපිට නිතරම හමුවේ. එහි ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ඒ අතරේ ආදරය "විහිළුවක්" කරගත් මිනිසුන්ගෙන් ලෝකය පිරී පවතිද්දී, ඔහු ඒ සියල්ලටම වඩා වෙනස් විය.
ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම දෙස බැලූ විට පෙනෙන්නේ ඇය ජීවත් වූ කාලයේ ඔහු ඇයට කෙතරම් පණ මෙන් ආදරය කළාද යන්න පමණක් නොවේ. ඇය නික්ම ගිය අදටත්, ඒ ආදරය මොහොතකටවත් මියගොස් නැති බවයි. ඇගේ නික්ම යාම ඔහුට ඇයව අමතක කිරීමට හේතුවක් නොවීය.

අපි නිතරම අසා ඇති කතාවක් තිබේ, "ජීවත් වෙලා ඉද්දි දෙන්න බැරි මල්, මැරුණාම සොහොනට දීලා මොකටද?" කියා. නමුත් ඔහු ඒ කතාව වෙනස් කළේය. ඔහු ඇය ජීවත් වූ කාලයේ දෝත පුරා ඇයට ආදරයත් සැනසීමත් දුන්නේය. ඇය මියගිය පසුවත්, ඔහු අදටත් මල් පොකුරු අතින් ගෙන ඇය සැතපී සිටින ඉසව්ව සොයා යයි. ඔහුගේ ලෝකයේ මතකයන් යනු අමතක කළ යුතු දේ නොව, සදාකාලිකව සුරැකිය යුතු නිධානයකි.
බොහෝ දෙනෙක් පුදුමයෙන් අසනවා අපිට අසන්නට ලැබේ, "තාමත් මෙහෙම පිරිමි ඉන්නවද?" කියා.
ඔව්, සැබවින්ම ඉන්නවා. එවැනි මිනිසුන් ඉන්නේ චිත්‍රපට තිරයක හෝ නවකතා පිටු අතරේ පමණක් නොවේ. අපේ මේ රළු සැබෑ ජීවිතය ඇතුළෙත් එවැනි අවංක හදවත් ජීවත් වේ. හැබැයි එවැනි උත්තරීතර මනුෂ්‍යයන් හමුවීම අතිශය දුර්ලභය.
මෙතරම් ගැඹුරු ආදරයක් ලබන්නට ඇය සැබවින්ම වාසනාවන්තියකි. ඇය මෙලොවින් සමුගත්තද ඇය වෙනුවෙන් තවමත් ගැහෙන හදවතක් ඉතිරිව ඇත. එහෙත් සිතට දැනෙන ලොකුම වේදනාව නම් මෙයයි.
සමාජ මධ්‍ය ඇසුරෙන්

Post a Comment