අපි ආසාවෙන් රෝස, බෝගන්විලා, ක්‍රෝටන් වගේ පැළ වල අතු කෑලි හිටෙව්වට ගොඩක් වෙලාවට ඒවා පැළ වෙන්නේ නැහැ. එක්කෝ කඳේ යට කොටස කුණු වෙලා යනවා, නැත්නම් මුල් අදින්නේ නැහැ. මේකට වෙළඳපොළේ මිල අධික කෘත්‍රිම හෝමෝන තිබුණත්, අපේ ගෙවත්තේ තියෙන කෝමාරිකා (Aloe Vera) කියන්නේ ඒ හා සමානවම වැඩ කරන 100% ක් ස්වභාවික සහ නොමිලේම කරගන්න පුළුවන් අපූරු විසඳුමක්.
කෝමාරිකා වල අඩංගු වන 'සැලිසිලික් අම්ලය' (Salicylic acid) සහ ස්වභාවික එන්සයිම මඟින් පැළයේ සෛල වර්ධනය වේගවත් කර ඉක්මනින් මුල් අද්දවන අතරම, එහි ඇති ස්වභාවික දිලීර නාශක ගුණය නිසා කඳ කුණුවීම සම්පූර්ණයෙන්ම වළක්වනවා.
✅ නිවැරදිව භාවිතා කරන ආකාරය
▪️.පියවර 1: ඔබ පැළ කරගැනීමට බලාපොරොත්තු වන අත්ත, අඟල් 6ක් පමණ දිගට ගෙන එහි යට කොටස අංශක 45ක පමණ කෝණයකට (ඇලයට) තියුණු පිහියකින් කපා ගන්න. (පහළ ඇති කොළ සියල්ල ඉවත් කරන්න).

පියවර 2: නැවුම් කෝමාරිකා පිත්තකින් අඟලක පමණ කැබැල්ලක් කපා ගන්න.
▪️.පියවර 3: කපාගත් අත්තේ යට කොටස (ඇලයට කැපූ කොටස), කෝමාරිකා කැබැල්ලේ ජෙල් (මද) කොටසට හොඳින් ගිල්වන්න. නැතහොත් ජෙල් එක හොඳින් කඳේ යට ගා ගන්න.
▪️.පියවර 4: කෝමාරිකා තැවරූ එම අත්ත කෙලින්ම සකසා ගත් පස් මිශ්‍රණයේ (වැලි සහ කොම්පෝස්ට් මිශ්‍රණයක් මේ සඳහා ඉතා සුදුසුයි) සිටුවන්න.
▪️.පියවර 5: පැළයට කෙළින්ම අව්ව නොවැටෙන, සෙවන සහිත ස්ථානයක තබා දිනපතා අවශ්‍ය පමණට පමණක් ජලය ඉසින්න.
ඔබත් අදම මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. කිසිම වියදමක් නැතිව සාර්ථකව පැළ බෝකර ගන්න මේක ඔබට ලොකු උදව්වක් වේවි! 💚👇
(සුහුරු වගාබිම් - suhuru wagabim)

Post a Comment