මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා, ප්‍රතිඵල කවදා එයිද? කියලා ඇඟිලි ගැන ගැන බලන් ඉන්න නංගිලා මල්ලිලාට වගේම දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉතාමත් වැදගත් නිල නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල විවිධ සටහන් පළවෙමින් තිබුණේ අද රෑට ප්‍රතිඵල එනවා, හෙට උදේට ප්‍රතිඵල දානවා කියලයි. මේ නිසාම බොහෝ දෙනෙක් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්වෙලා හිටියා.
මේ සමාජ මාධ්‍ය කටකතා සියල්ල අසත්‍ය බව පවසමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඇය පවසන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ (එනම් ලබන මස) මැද සතියේදී නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රතිඵල අද හෙටම නිකුත් කරනවා යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බැවින්, එවැනි ව්‍යාජ ප්රචාරයන්ට හසුවී අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ප්‍රතිඵල නිකුත් වූ සැනින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ඔබේ විභාග අංකය ඇතුළත් කර නිවැරදිම ප්‍රතිඵලය තත්පර ගණනකින් බලාගැනීමේ හැකියාව පවතිනවා

Post a Comment