තමන්ගේම කියා ලස්සන හීනයක් හිතේ තියාගෙන, අලුත් ගොඩනැගිල්ලක් හදන්න මහන්සි වුණු මස්කෙළියේ 41 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ (30) පස්වරුවේ අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගන්නට සිදුව තිබෙනවා.
මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වන මේ අනතුර සිදුව ඇත්තේ මියගිය පුද්ගලයා තමන්ගේ නිවස ආසන්නයේම වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටි අවස්ථාවකදියි.

ඔහු මහන්සි වී පස් ඉවත් කරමින් සිටියදී, කිසිවෙකුත් නොසිතූ මොහොතක ඉහළින් තිබූ විශාල පස් කන්දක් එකවරම ඔහු මතට කඩා වැටී තිබෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා පස් කන්දට සිරවී සිටි ඔහුව බේරාගෙන වහාම මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
පොලිසිය පවසන පරිදි රෝහලට ඇතුළත් කරන විටත් ඔහුගේ තත්ත්වය අසාධ්‍යව පැවති අතර, අවාසනාවන්ත ලෙස රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ඛේදනීය මරණය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Post a Comment