2025 (2026) අවුරුද්දේ සාමාන්‍ය පෙළ (O/L) ලියපු නංගිලා මල්ලිලාට වගේම ඒ අයගේ දෙමාපියන්ටත් ගොඩක් වැදගත් වෙන ආරංචියක් තමයි දැන් අපි මේ කියන්න යන්නේ. විභාග ප්‍රතිඵල ආවට පස්සේ සහතිකය අතට ගන්න එක හැමෝටම තියෙන ලොකුම හදිස්සියක්නේ. ඒත් මේ පාර නම් සහතික ගන්න විභාග දෙපාර්තමේන්තුවට යන්න ලෑස්ති වෙන්න එපා, මොකද මේ පාර ලොකු වෙනසක් කරලා තියෙනවා!
විභාග දෙපාර්තමේන්තුවට ගිහින් රස්තියාදු වෙලා, මහ අව්වේ පෝලිම්වල ඉඳලා සහතික ගන්න යුගයට තිත තියන්න බලධාරීන් තීරණය කරලා. විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ, මේ වසරේ ඉඳන් O/L සහතික පත්‍ර නිකුත් කරන්නේ මාර්ගගතව (Online) පමණයි කියලයි.

ඒ නිසා සහතික පත්‍රය ගන්න කියලා විභාග දෙපාර්තමේන්තුවට නම් කිසිම හේතුවක් මත එන්න එපා කියලත් ඇය දැඩිව ඉල්ලා සිටිනවා.
එහෙනම් සහතිකය ගන්නේ කොහොමද?කිසිම කලබලයක් වෙන්න ඕනේ නෑ. ගෙදරට වෙලා ස්මාර්ට් ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්.
https://certificate.doenets.lk/certificate
අන්න ඒ ලින්ක් එකට ගිහින් ඔයාගේ විස්තර ඇතුළත් කරලා ඔන්ලයින් ඇප්ලයි කළාම හරි. කිසිම කරදරයක් නැතුව තැපෑලෙන් ගෙදරටම ඔයාගේ O/L සහතිකය ගෙන්න ගන්න දැන් පුළුවන්.
ඉතින් බස්වල එල්ලිලා, පෝලිම්වල රස්තියාදු වෙලා කාලයයි සල්ලි නාස්ති කරනවට වඩා මේ අලුත් ක්‍රමය නම් ළමයින්ට වගේම දෙමාපියන්ටත් ලොකු සහනයක් වේවි.

Post a Comment