නිකවැරටිය අඹන්පොළ පැත්තේ පදිංචි වෙලා හිටපු විහඟනා නුවන්මිනී ආරියසිංහ කියන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනගත්ත, ඒ ලෙවල් කරලා ප්‍රතිඵල එනකම් ආසාවෙන් බලන් හිටපු දක්ෂ දැරියක්. හැබැයි දෛවය ඇයට ලියලා තිබුණේ වෙනමම ගමනක්.
එකපාරටම ආපු ඔලුවේ කැක්කුමක් සහ වමනයක් නිසා මුලින්ම ගල්ගමුව ඉස්පිරිතාලෙට ඇතුළත් කරපු මේ දුවව, තත්ත්වය බරපතළ නිසාම කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) මාරු කරලා යැව්වා. වෛද්‍යවරු කොච්චර ට්‍රයි කළත් අන්තිමට ඒ අයට කියන්න වුණේ ඇයට 'මොළය මියයාමේ' (Brain Death) තත්ත්වයට පත්වෙලා කියලයි. ඒ කියන්නේ ආයෙමත් කවදාවත් ඇයට සිහිය එන්නේ නෑ.
තමන්ගේ පණ වගේ හිටපු එකම බාල දුව මෙහෙම යද්දී, ඒ අම්මයි තාත්තයි ගත්තේ ලේසිපාසු තීරණයක් නෙවෙයි. කෘත්‍රිමව හුස්ම වැටෙන යන්ත්‍ර ගලවන්න කලින්, ඇගේ වටිනා අවයව ටික අසරණ වෙලා ඉන්න රෝගීන්ට දන් දෙන්න ඒ දෙමව්පියෝ සහ පවුලේ අය නිර්භීතව කැමති වුණා.
මේක ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ ලොකුම පෙරළියක්! ලංකාවේ පළවෙනි වතාවට එකම සැත්කමකින් අවයව තුනක් සාර්ථකව බද්ධ කිරීමේ හාස්කමක් ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් එකතු වෙලා කළා.

විහඟනාගේ මේ මහා පරිත්‍යාගයෙන් සෘජුවම ජීවිතය ලැබුණු 6 දෙනා ගැන ඇහුවම ඔයාටත් පුදුම හිතෙයි.
හදවත සහ පෙණහලු: මේවා බද්ධ කළේ හදවත් සහ පෙණහලු ආබාධයකින් දැඩිව පීඩා විඳපු අපේම රටේ නිර්වින්දන විශේෂඥ වෛද්යවරියකටයි! ඒ වෛද්‍යවරියට අද අලුත් ජීවිතයක්.
වකුගඩු දෙක සහ අක්මාව: අසාධ්‍ය වකුගඩු රෝගීන් දෙන්නෙකුට සහ අක්මාව අක්‍රිය වුණු තවත් රෝගියෙකුට මේවායින් සුවය ලැබුණා.
ඇස් දෙක: ජීවත්ව ඉද්දිම ඇය ශ්‍රී ලංකා ඇස් දන් දීමේ සංගමයට ඇස් දන් දෙන්න කැමැත්ත දීලා තිබුණු නිසා, තවත් දෙන්නෙකුට මේ ලෝකය දකින්න පින් පෑදුණා.
ඇටමිදුලු (Bone Marrow): තවත් රෝගීන් රැසකගේ ප්‍රතිකාර සඳහා ඇගේ ඇටමිදුලු යොදාගත්තා.
මුළු රටක්ම අඬවලා ගියත්, විහඟනා කියන්නේ සැබෑම වීරවරියක්. අවයව දන් දෙනවා කියන එක ගැන අපේ සමාජයේ තියෙන බොරු මත නැති කරලා, මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ඇය මුළු ලෝකෙටම පෙන්නුවා. තමන් යද්දී අනුන්ගේ හදවත්වලට ගැස්මක් දීපු මේ උත්තම දියණියට අපිත් හදවතින්ම නිවන් සුව පතමු!

Post a Comment