මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV), උපදංශය (Syphilis) සහ හෙපටයිටිස් - බී (Hepatitis B) වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වන "ත්‍රිත්ව තුරන් කිරීමේ" (Triple Elimination) ජාතික වැඩසටහන අද (01) සිට දිවයිනේ සියලුම මාතෘ සායනවලදී නිල වශයෙන් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද සිට ඉදිරියට දිවයිනේ ඕනෑම මාතෘ සායනයකට ලියාපදිංචි වන සියලුම ගැබිණි මව්වරුන්ගේ රුධිරය, හෙපටයිටිස් - බී වෛරසය තිබේදැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මවගෙන් දරුවාට HIV සහ උපදංශ රෝගය බෝවීම වැළැක්වීම සඳහා රුධිරය පරීක්ෂා කිරීමේ "ද්විත්ව තුරන් කිරීමේ" (Dual Elimination) වැඩසටහන කලක සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වුණා.
එම සාර්ථකත්වය අගයමින්, මවගෙන් දරුවාට HIV සහ උපදංශය සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට නිල සහතිකය පිරිනමා තිබුණා.
එතැන් පටන් අඛණ්ඩවම මෙම සාධනීය සහ ප්‍රශංසනීය තත්ත්වය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමටද ලක් වුණා.
එම සාර්ථක පියවරෙහි මීළඟ අදියර ලෙසයි හෙපටයිටිස් - බී වෛරසයද ඇතුළත් කරමින් මෙම "ත්‍රිත්ව තුරන් කිරීමේ" වැඩපිළිවෙළ අද සිට රට පුරා ක්‍රියාත්මක කරනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Post a Comment