විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සියයක නව නිපැයුම් සංගම් සහ විද්‍යා සංගම් අලුතින් පිහිටුවීමට පියවර ගන්නා බවත්, එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී දිවයින පුරාම පිහිටි සියලුම පාසල් තුළ මෙවැනි සංගම් පිහිටුවීමට කටයුතු කරන බවත් පවසයි.
විදාතා සේවා සහ තාක්ෂණික ආධාරක මධ්‍යස්ථාන මඟින් ග්‍රාමීය මට්ටමින් සිදුකරන සේවාවන් පිළිබඳව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විදාතා සේවා සහ තාක්ෂණික ආධාරක මධ්‍යස්ථාන මඟින් ග්‍රාමීය මට්ටමින් සිදුකරන සේවාවන් පිළිබඳව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා සහ විද්‍යාත්මක චින්තනය මුල් අවධියේදීම හඳුනාගෙන, ඔවුන් ගෝලීය තාක්ෂණික ලෝකයට ගැළපෙන නව නිපැයුම්කරුවන් බවට පත්කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මේ යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන විදාතා මධ්‍යස්ථාන සතු තාක්ෂණික උපකරණ, නව දැනුම සහ සම්පත් පාසල් දරුවන්ගේ පර්යේෂණ කටයුතු සඳහා සෘජුවම දායක කරගැනීමට නියමිතය.
මේ යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන විදාතා මධ්‍යස්ථාන සතු තාක්ෂණික උපකරණ, නව දැනුම සහ සම්පත් පාසල් දරුවන්ගේ පර්යේෂණ කටයුතු සඳහා සෘජුවම දායක කරගැනීමට නියමිතය.

Post a Comment