පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයින හරහා මේ දිනවල පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (13) පස්වරු 06:00 වන තෙක් වලංගු වන පරිදි මෙම හදිසි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ජීවත්වන ජනතාව මේ තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුයි.
මෙම ප්‍රදේශ සඳහා විටින් විට පැයට කිලෝමීටර් 40-50 ත් අතර වේගයකින් හමා යන දැඩි සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඉහත සඳහන් කළ ප්‍රදේශවලට අමතරව දිවයිනේ සෙසු ප්රදේශවලටද විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, විදුලි රැහැන් මතට අතු කඩා වැටීම් වැනි අනතුරු සිදුවිය හැකි බැවින් මහජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි බලධාරීන් මතක් කර සිටින්නේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Post a Comment