පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ සුන්දරත්වයට විතරක් නෙවෙයි, වරින් වර ඇහෙන අපූරු කතාන්දරවලටත් ප්‍රසිද්ධ තැනක්. ඔන්න ඉතින් මේ දවස්වල පේරාදෙණිය කැම්පස් එකේ 87 වන උපාධි ප්රදානෝත්සවය පවත්වන්න හැමකටයුත්තක්ම ලෑස්ති කරලයි තියෙන්නේ. හැබැයි මේ උත්සවයට එන නව උපාධිධාරීන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය (16) වෙනිදා කාගේත් ඇඟ කිළිපොලා යන මට්ටමේ අතිශය අවදානම් සහගත මෙහෙයුමක් දියත් වුණා.
ඒ තමයි ප්‍රසිද්ධ "අක්බාර් පාලම" උඩ තියෙන බඹර වද, බඹරුන්ට කිසිම හානියක් නොවන විදිහට ඉවත් කිරීමේ මහා මෙහෙයුම.

මේ වැඩේ කියන තරම් ලේසි නෑ. මහවැලි ගඟට ඉහළින් අඩි 150ක් විතර උඩින්, කඹ සහ ඉනිමං ආධාරයෙන් විතරක් එල්ලීගෙන, ඕනෑම වෙලාවක එල්ල වෙන්න පුළුවන් දරුණු බඹර ප්‍රහාරවලින් බේරෙන ගමන් තමයි මේ සටන කරන්න වෙන්නේ. ඇත්තටම ඒක ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක්.
සෑම උපාධි ප්රදානෝත්සවයකටම කලින් පරිසරයට සහ සතුන්ට හානි නොකර මේ උතුම් වගේම අවදානම් වැඩේ කරන්නේ බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින්. මේ සඳහා අතිශය ඉහළ වෘත්තීය කුසලතාවයක් සහ මාර බය නැතිකමක් තියෙන්නම ඕනේ.
හැබැයි මෙදා පාර මේ බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුමට හැමෝම පුදුම කරවපු සුවිශේෂී චරිතයක් එකතු වෙලා හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි, මෙවර උපාධි ප්‍රදානෝත්සවයෙන් තමන්ගේ උපාධිය ලබාගන්න ලෑස්ති වෙලා ඉන්න පේරාදෙණිය කැම්පස් එකේම ශිෂ්‍යාවක්.
ඇය නමින් අවිශ්කා ඉදුමිණී අමරසිරි. තමන්ගේ උපාධි ලෝගුව (Gown) දාන්න දින කිහිපයකට කලින්, අඩි 150ක් ඉහළින් එල්ලීගෙන බඹර වද අස්සේ මේ වගේ දරුණු මෙහෙයුමකට දායක වෙන්න තරම් ඇය දැක්වූ ධෛර්යය සහ කැපවීම මුළු කැම්පස් එකේම විතරක් නෙවෙයි මුළු රටේම ප්‍රශංසාවට ලක්විය යුතු දෙයක්.
මුහුණු පොතේ සටහනක් ඇසුරෙන්

Post a Comment