සමාජ මාධ්‍ය නැතුවම බැරි ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත පරිශීලකයින් අද (12) දවසේ ලොකු අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
ඒ, මෙටා (Meta) සමාගමට අයත් ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයන් වන Facebook, Messenger, Instagram වගේම Threads යන සේවාවන් සියල්ලකම වරින් වර දැඩි තාක්ෂණික දෝෂ කිහිපයක් මතුවීම නිසාවෙනි.
මේ අනපේක්ෂිත සිදුවීම නිසා ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පිරිසකට තමන්ගේ ගිණුම්වලට ඇතුළු වීමට (Log in) හෝ පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

විවිධ අන්තර්ජාල සේවාවන්හි බිඳවැටීම් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර වෙබ් අඩවි සහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් ඉදිරිපත් කර ඇති පැමිණිලිවලට අනුව ප්‍රධාන ගැටලු කිහිපයක්ම මතු වී තිබෙනවා.
ෆේස්බුක් ගිණුම්වලින් ඉබේම ලොග් අවුට් වීම සහ නැවත ඇතුළු වීමට නොහැකි වීම (Login failures).
හෝම් පේජ් එකේ අලුත් තොරතුරු දර්ශනය නොවීම හෝ දැඩි ප්‍රමාදයන් ඇතිවීම (Slow loading).
මෙසෙන්ජර් හරහා පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීම.
හැබැයි මේ තාක්ෂණික ගැටලුව ලොව පුරා සියලුම දෙනාට එකලෙස බලපා නැහැ. ඇතැම් කලාපවලට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇති පසුබිමක, තවත් සමහර පරිශීලකයින්ට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් වනවා.
මේ හදිසි සේවා බිඳවැටීමට නිශ්චිත හේතුවක් මාර්ක් සකර්බර්ග්ගේ මෙටා සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. හැබැයි තාක්ෂණික අංශ උපකල්පනය කරන්නේ සමාගම විසින් මෑතකදී සිදුකරන ලද පද්ධති යාවත්කාලීන කිරීම් (Server Updates) හෝ සේවාදායකයන්හි (Servers) ඇති වූ යම් තාක්ෂණික දෝෂයක් මීට බලපාන්නට ඇති බවයි.
කෙසේ වුවද, මෙවැනි ගැටලු සාමාන්‍යයෙන් කෙටි කාලීන වන බැවින්, පවතින තාක්ෂණික දෝෂයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙටා සමාගමේ ඉංජිනේරු කණ්ඩායම් මේ වන විටත් දැඩි වෙහෙසක් ගනිමින් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.

Post a Comment