පොසොන් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් මුළු රටම සැදැහැ සිතින් දන්සල් දෙමින්, තොරණ බලමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙද්දී, බෞද්ධ ප්‍රතිපත්තිවලට නිගා දෙමින්, දහමට මුවා වී අමානුෂික වැඩ කරන හිස් මිනිසුන් පිරිසක් පිළිබඳව මාලඹේ නගරයෙන් ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වනවා.
පොසොන් සිරි නැරඹීමට පැමිණි තරුණයින් පිරිසක් විසින් තවත් එක් තරුණයෙකුට පහරදෙන අමානුෂික දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.
ලැබෙන තොරතුරුවලට අනුව මේ සිදුවීම වාර්තා වන්නේ ඊයේ, එනම් 2026 ජූනි මස 29 වනදා රාත්‍රී 11.05 ට පමණ මාලඹේ නගරයේ 'Bing Chun' ආයතනය අසල ඇති දන්සලක් ඉදිරිපිටදීයි.
එහි සිටි තරුණයින් පිරිසක් එකතු වී තනි වුණු තරුණයෙකු වටකරගෙන, ඔහු බිම ඇද වැටී සිටියදී පවා කිසිදු රහක් පසක් නැතිව හෙල්මට්වලින් සහ කකුල්වලින් ඔළුවට සහ ශරීරයට දරුණු ලෙස පහර දෙන ආකාරය ජංගම දුරකථනවල සටහන් වී තිබෙනවා.

"ඔහු කුමන වරදක් කර තිබුණත්, මෙලෙස නීතිය අතට ගෙන පහර දීම කිසිසේත්ම අනුමත කළ හැකිද?"
අදාළ පහරදීමට ලක්වූ තරුණයාගේ තත්ත්වය හෝ පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත...
සමාජ මාධ්‍ය වීඩියෝවක් ඇසුරෙන්

Post a Comment