අර්ශස් කියන්නේ වෙන මුකුත් නෙවෙයි, අපේ ගුද මාර්ගයේ තියෙන ලේ නහර (Veins) ඉදිමිලා, පුපුරලා එළියට එන එකටයි. මේකට ප්‍රධානම හේතුව තමයි මලබද්ධය (Constipation). අපේ ගුද මාර්ගයේ තියෙන ලේ නහර හරිම සියුම්. ඔයා තන්තු අඩු ආහාර හා දවස පුරා වතුර අඩුවෙන් බීලා , මලපහ ගල් වුණාම, ඒ තද වුණු මලපහ එළියට දාන්න ඔයාට ලොකු වෙහෙසක් අරන් තටමන්න සිද්ධ වෙනවා.
අන්න එහෙම තටමනකොට අර සියුම් ලේ නහරවලට දරාගන්න බැරි අධික පීඩනයක් (Pressure) එකපාරටම වැටෙනවා. ඒ පීඩනයට ඔරොත්තු දෙන්න බැරි වුණාම, ඒ නහර ඉදිමිලා එළියට පනිනවා.
ඇයි මේකට රාබු සහ මුං ඇට ගුණයි කියන්නේ?

මේ කෑම දෙකේ එකතුව ඇත්තටම අර්ශස් රෝගය සදහා බලගතු බෙහෙතක් නිර්මාණය කරනවා. මුං ඇට කියන්නේ දිය නොවන රළු තන්තු (Insoluble Fiber) ගොඩක් තියෙන කෑමක්. මේ තන්තු බඩවැල් ඇතුලට ගියාම කරන්නේ මලපහවල පරිමාව වැඩි කරලා, ඒවා ඉක්මනින් පහළට තල්ලු කරන එකයි. අනිත් පැත්තෙන් රාබු කියන්නේ 90%ක්ම වතුර තියෙන, ඒ වගේම බඩවැල්වල තියෙන තුවාල සහ දැවිල්ල අඩු කරන (Anti-inflammatory) ගුණ තියෙන එළවළුවක්.
මේ කෑම දෙක එකතු වුණාම ඔයාගේ මලපහ ගල් වෙන්නේ නැතුව, හරිම සිනිඳුවට පිටවෙනවා. තටමන්න ඕනේ නැති වුණාම අර්ශස් නහරවලට විවේකයක් ලැබිලා ඒවා ඉබේම හැකිලිලා යනවා.
අර්ශස්වල මුල් අවස්ථාවේදී මේ කෑම රටාවෙන් ලෙඩේ 100%ක්ම පාලනය කරලා සම්පූර්ණ සහනයක් ගන්න පුළුවන්. මොකද තටමන්නේ නැති වෙනකොට ලේ නහර යථා තත්ත්වයට පත් වෙනවා.
හැබැයි ඔයා මේ ලෙඩේ ගොඩක් කල් හංගන් ඉදලා , දැන් අර්ශස් ගෙඩි එළියට ඇවිත්, නිතරම ලේ යන තත්ත්වයට ඇවිත් නම්, රාබුයි මුං ඇටයි කෑවා කියලා ඒ එළියට ආපු මස්දළු ආයේ මැජික් එකකින් වගේ ඇතුළට යන්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ සුළු සැත්කමක් ඕනේ වෙනවා.
අපි කලින් කතා කළා වගේ අර්ශස් කියන්නේ ඔයාගේම වැරදි පුරුදු නිසා ගුද මාර්ගයේ ලේ නහරවලට දෙන පීඩනය (Pressure) නිසා හැදෙන ලෙඩක්නේ. ඉතින් ඒක ස්වාභාවිකව සුව කරගන්න නම්, මුලින්ම ඒ පීඩනය දෙන එක නවත්තන්න ඕනේ. ලෙඩේ මුල් අවස්ථාවේදී (Stage 1 & Stage 2) ගෙදරදීම මේ තත්ත්වය 100%ක්ම පාලනය කරගන්න පුළුවන්. අලුතින් ලෙඩේ මතු වුණු කෙනෙක් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන රත්තරන් නීති 10 මෙන්න
1. වැසිකිළි යන ඉරියව්ව වෙනස් කිරීම (The Squatting Posture)
මේක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ ලේසිම වෙනස. අපි සාමාන්‍යයෙන් Commode එකේ වාඩි වෙන්නේ අංශක 90 කෝණයකටනේ. මේ විදියට අංශක 90ට වාඩි වුණාම අපේ බඩවැල්වල අග කොටස (Rectum) ස්වාභාවිකවම නැවිලා හිරවෙලා තියෙන්නේ. ඒ නිසා මලපහ පිටකරන්න ලොකු වෙහෙසක් අරන් තටමන්න වෙනවා. හැබැයි ඔයාගේ කකුල් දෙක යටින් අඩි භාගයක් විතර උස පුටුවක් (Footstool) තියාගෙන, දණහිස් ටිකක් උඩට වෙන්න අංශක 35ක විතර කෝණයකට වාඩි වුණාම, අර නැවිලා තිබ්බ බඩවැල සම්පූර්ණයෙන්ම කෙලින් වෙනවා. එතකොට කිසිම තටමීමක් නැතුව මලපහ පිටවෙනවා.
2. Sitz Bath (උණුසුම් වතුරේ වාඩි වී සිටීම)
මේක අර්ශස්වල තියෙන වේදනාව සහ ඉදිමුම ක්ෂණිකව අඩු කරන හොඳම ප්‍රතිකාරයක්. පිරිසිදු භාජනයකට ළා රස්නය තියෙන උණු වතුර (මද උණුසුම්) දාලා, දවසට විනාඩි 15ක් විතර ඒකේ වාඩි වෙලා ඉන්න. උණුසුම නිසා ගුද මාර්ගයේ තියෙන මාංශපේශී (Sphincter muscle) ලිහිල් වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයට යන රුධිර ගමනාගමනය වැඩි වෙලා අර ඉදිමිලා තියෙන නහරවල ඉදිමුම බහිනවා.
3. කෝමාරිකා මදය ආලේප කිරීම (Natural Anti-inflammatory)
මේක වේදනාවට සහ දැවිල්ලට තියෙන හොඳම ස්වාභාවික ආලේපනයක්. කෝමාරිකාවල ස්වාභාවිකවම ප්‍රතිදාහක (Anti-inflammatory) ගුණ තියෙනවා. ඒ කියන්නේ ඉදිමුම සහ දැවිල්ල අඩු කරනවා. පිරිසිදු කෝමාරිකා මදයක් අරගෙන අර්ශස් තියෙන තැන ආලේප කළාම, ඒකෙන් සම සිසිල් කරලා, තුවාල ඉක්මනින් වේලන්න උදව් කරනවා.
4. කෝහිල, ගස්ලබු සහ මුංඇට (The Dietary Sweepers)
අපි කලින් මුංඇට ගැන කතා කළා වගේම, කෝහිල සහ ගස්ලබු කියන්නේ අර්ශස් රෝගීන්ට තියෙන දිව්‍ය ඔසු. කෝහිලවල අතිවිශාල ලෙස දිය නොවන රළු තන්තු (Insoluble Fiber) තියෙනවා. මේවායින් මලපහවල පරිමාව වැඩි කරනවා. ගස්ලබුවල තියෙන 'Papain' කියන එන්සයිමයෙන් කෑම ඉක්මනින් දිරවන්න උදව් කරනවා. මේ දේවල් කෑවාම බඩවැල් ඇතුලේ මලපහ ගල් වෙන්නේ නැහැ.
5. දවසට වතුර ලීටර් 3ක් බීම (The Ultimate Hydration)
ගොඩක් අය ෆයිබර් ජාති ගොඩක් කෑවාට වතුර බොන්නේ නැහැ. ඒක ගොඩක් භයානකයි. ඔයා කන ෆයිබර් ටිකට බඩවැල් ඇතුලේ වැඩ කරන්න නම්, ඒවාට උරාගන්න වතුර තියෙන්න ඕනේ. වතුර නැති වුණොත් අර කන ෆයිබර් ටික බඩවැල් ඇතුලේ වේලිලා, ගල් වෙලා මලබද්ධය තවත් දරුණු වෙනවා. හරියට සිමෙන්තියි වැලියි කොච්චර හොඳට කලවම් කළත්, ඒකට වතුර දැම්මේ නැත්නම් කොන්ක්‍රීට් එක හැදෙන්නේ නෑ වගේ වැඩක්. ෆයිබර් වැඩ කරන්නේ වතුර එක්ක විතරයි.
6 . වැසිකිළියේ ෆෝන් එක ඔබන එක වහාම නවත්තන්න
ෆෝන් එක දිහා බලාගෙන විනාඩි 15-20ක් කමෝඩ් එකේ වාඩිවෙලා ඉන්නකොට, ගුරුත්වාකර්ෂණය නිසා ඔයාගේ ගුද මාර්ගයේ ලේ නහරවලට පහළට ලොකු ඇදීමක් (Pressure) එනවා.
7. තටමන එක සම්පූර්ණයෙන්ම තහනම්!
අර්ශස් කියන්නේ ඔයා තටමනකොට දරාගන්න බැරිව පුපුරලා එළියට එන ලේ නහර ටිකක්. බලෙන් මලපහ එළියට දාන්න හදනකොට ඒ නහර පුපුරනවා. බලෙන් කරන්න එපා, ස්වාභාවිකව එනකම් ඉන්න.
8. මලපහ බර හැදුණු ගමන් යන්න (හිරකරන් ඉන්න එපා)
ඔයා වැඩක් නිසා බර හිරකරගෙන හිටියොත්, මහා බඩවැලෙන් කරන්නේ ඒ මලපහවල තියෙන වතුර ටික සිරුරට උරාගන්න එක. අන්තිමට වතුර හිඳිලා ඒක ගලක් වගේ වෙනවා. ගල් වුණාට පස්සේ එළියට දානකොට නහර ඉරීගෙන යනවා.
9. එක දිගට පැය ගාණක් වාඩිවෙලා ඉන්න එපා
ඔයා ඔෆිස් එකක වැඩ කරනවා නම්, හැම පැයකට සැරයක්ම නැගිටලා ඇවිදින්න. එක දිගට වාඩිවෙලා ඉන්නකොට ශ්‍රෝණියට (Pelvic area) මුළු ඇඟේම බර වැටිලා අර්ශස් නහර තවත් තෙරපෙනවා.
10 . කෘතිම, අධික සැර කෑම නවත්තන්න
කෑලි මිරිස්, කෘතිම රසකාරක දාපු කෑමවලින් ආමාශය සහ බඩවැල්වල දැවිල්ලක් ඇති කරනවා. ඒ සැර අර තුවාල වෙච්ච අර්ශස් ගෙඩිවල ගෑවෙනකොට දැවිල්ල දෙගුණ වෙනවා.
🛑 පරණ (කල්ගත වුණු) රෝගීන්ට දෙන වැදගත් උපදේශය
ඔයා අවුරුදු ගාණක් මේ ලෙඩේ හංගගෙන ඉඳලා, දැන් මස්දළු එළියට පැනලා, ලේ යන තත්ත්වයට (Stage 3 & 4) ඇවිත් නම් ඉන්නවා නම්, මේ ඇත්ත තිත්ත වුණත් පිළිගන්නම වෙනවා.
කැඩිච්ච රබර් බෑන්ඩ් එකක් කෑමෙන් අලවන්න බැහැ. දැන් ඔයාගේ ගුද මාර්ගයේ ලේ නහරවල ඇදෙන සීමාව පැනලා, ඒවා භෞතිකවම ඩැමේජ් වෙලා ඉවරයි. ඔයා කොච්චර රාබු කෑවත්, කොච්චර වතුර බිව්වත්, අර එළියට ආපු මස්දළු ආයේ මැජික් එකකින් වගේ ඇතුළට යන්නේ නෑ.
උදාහරණයක් විදියට කිව්වොත් , ඔයාගේ කමිසයේ බොත්තමක් කඩලා ගියාට පස්සේ, ලෝකේ තියෙන හොඳම සබන් කුඩු එකෙන් කමිසේ හේදුවා කියලා ඒ බොත්තම ආයේ හැදෙන්නේ නෑ. ඒකට ඉඳිකටුවක් අරන් මහන්නම වෙනවා.
ඔයාගේ ඊළඟ පියවර - බොරු අත්බෙහෙත් පස්සේ දුවලා කාලය නාස්ති කරන එක නවත්තන්න. කෙලින්ම ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවෙන්න.
රබර් බෑන්ඩ් එකක් දැමීම (Rubber Band Ligation) හෝ සුළු ලේසර් ප්‍රතිකාරයක් වගේ විනාඩි 10න් කරලා ගෙදර එන්න පුළුවන් විසඳුම් වෛද්‍ය විද්‍යාවේ තියෙනවා.
ලෙඩේ මුලින් අයින් කරලා, ඊටපස්සේ අර උඩ තියෙන නීති 10 පාවිච්චි කරලා ආයේ හැදෙන්නේ නැති වෙන්න පාලනය කරගන්න.
credit goes to respective owners

Post a Comment