මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
මහනුවර ඇසළ පෙරහර සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 13 දින ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවලයන්හි 13 වැනි දින අලුයම 6.17 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතයි.
කප් සිටුවීමෙන් පසු 13 දා සිට 17 දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනවා.
මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර 18 වැනිදා වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා.
පස්වන කුඹල් පෙරහර 22 වැනි දින වීදී සැරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහර ආරම්භ වෙයි.
රන්දෝලි පෙරහර වීදි සංචාරයට නියමිතව ඇත්තේ අගෝස්තු මස 23 දා සිට 27 දක්වායි.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 27 දින වීදී සංචාරය නිමාකර ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරේ.

අනතුරුව සිව් මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනාතොට වෙත ගමන් ගෙන 28 දින අලුයම් කාලයේ දිය කැපුම සිදු කරනු ලබනවා.
එදින දහවල් දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර නිමාවට පත්වන බවයි නිලංග දෑල පැවසුවේ.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල නාහිමිවරුද නාථ, විෂ්ණු, කතරගම දේවාල බස්නායක නිලමේවරුද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු නිලධාරීන් ද සහභාගි වුණා.
Credit goes to respective owners

Post a Comment