ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජූලි 11 වැනි සෙනසුරාදා අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.
"සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 254 දෙනෙකු ඇගයීමට ලක් කෙරෙන අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ. කොළඹට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
credit goes to respective owners

Post a Comment