ඔයා කවදාහරි දැකලා තියෙනවද එකම කාර් එක, එකම මාදිලිය, එකම සමාගමෙන් හැදුවත් ඇමරිකාවට සහ යුරෝපයට යවද්දී කොලිටිය එක විදිහකුත්, ඉන්දියාවට හරි ලංකාවට හරි එවද්දි කොලිටිය තව විදිහකුත් කියලා? 🚗💥
බැලූ බැල්මට කාර් දෙකම එක වගේ පෙනුණත්, මේ කාර් දෙකම එකිනෙක හැප්පෙන විදිහට (Crash test) හැප්පුවොත් වෙන්නේ පුදුම වැඩක්. යුරෝපයට හදපු කාර් එකේ ඉස්සරහට මොකුත් වෙන්නේ නෑ වගේම Airbags ඔක්කොම වැඩ කරනවා. හැබැයි අනිත් රටට හදපු අලුත්ම කාර් එකේ ඉස්සරහ සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යනවා වගේම, සමහර Airbags වාහනේ ඇත්තෙවත් නෑ!
ඇයි ප්‍රසිද්ධ කාර් හදන සමාගම් තමන්ගේම පාරිභෝගිකයින්ගේ ජීවිත එක්ක මේ වගේ සෙල්ලමක් කරන්නේ? මේකට හේතුව "ලාබෙට හදන නිසා" කියලා ඔබ හිතුවනම් ඒක සම්පූර්ණ බොරුවක්. අපි කතා කරන්නේ ලෝකයේ කාර් සමාගම් අපි හැමෝගෙන්ම හංගන, ඒ වගේම අපේ රටවල් වල කාර් වල ආරක්ෂාව මේ තරම් දුර්වල වෙන්න ඇත්තම හේතුව ගැන! 🕵️♂️🔧
ඇයි මේ වෙනස? මේ ගැන අහපුවාම කාර් සමාගම් වල ලොක්කන්ගෙන් (උදාහරණයක් විදිහට Nissan සමාගමේ හිටපු COO කෙනෙක් වෙන Andy Palmer ගෙන්) ලැබෙන උත්තර දෙකක් තියෙනවා. 🤷♂️
රෙගුලාසි : එයාලා කියන්නේ එක එක රටවල් වල නීති වෙනස් කියලා. ඇමරිකාවේ නීතියට අනුව කාර් එකක වහලයට වාහනයේ බර වගේ තුන් ගුණයක් දරාගන්න පුළුවන් වෙන්න ඕනේ වුණත් යුරෝපයේ එහෙම නීතියක් නෑ. ඉතින් නීතිය වෙනස් නම් ඩිසයින් එක වෙනස් කරනවා කියලා ඔවුන් කියනවා. 📜

අදාළ රටේ පරිසරය : ඇමරිකාවේ පාරවල් ලොකුයි, යන්න පුළුවන් වේගය වැඩියි. හැබැයි ඉන්දියාව, ලංකාව වගේ රටක පාරවල් වල යන්නේ යතුරුපැදි, ත්‍රිරෝද රථ වගේ දේවල්. ඉතින් ඒ අයව කාර් වලට ගන්න නම් කාර් එකේ මිල අඩුවට දෙන්න ඕනේ කියලා ඔවුන් තර්ක කරනවා.
හැබැයි මේ උත්තර දෙකම ඇත්තක් නෙවෙයි! ඇයි ඒ?
මොකද මිල අඩුවෙන් දෙනවා කියන කතාව පට්ටපල් බොරුවක්! මහා පරිමාණයෙන් බලනකොට කාර් එකක තියෙන ආරක්ෂිත උපාංග වෙනුවෙන් යන වියදම එච්චර ලොකු ගාණක් නෙවෙයි. සාමාන්‍යයෙන් අද කාලේ එක Airbag එකක් සමාගමකට හදන්න යන්නේ ඩොලර් 50 ක් (රු. 17,000 ක් විතර). ABS (Anti-lock brakes) සහ Stability control වලට යන පරිගණක කොටස් වලටත් යන්නේ ඒ වගේම පොඩි ගාණක්. ඇමරිකාවේ කාර් එකක මේ ඔක්කොටම යන්නේ ඩොලර් 420 ක් විතර වෙද්දී ඉන්දියාවේ ඒකට යන්නේ ඩොලර් 120 ක් විතරයි. 💰
ඒකෙන් අදහස් වෙන්නේ ආරක්ෂාව අඩු කළාම ඒ ලාභය පාරිභෝගිකයාට ලැබෙනවා කියන එකද? නෑ! මේකට හොඳම උදාහරණය තමයි Toyota Corolla Cross කාර් එක.
ඇමරිකාවේ: ලාභම මාදිලියට Airbags 9 ක් ලැබෙනවා, මිල ඩොලර් 24,000 යි. 🇺🇸
සෞදි අරාබියේ: ලාභම මාදිලියට ලැබෙන්නේ Airbags 2 ක් විතරයි, හැබැයි මිල ඩොලර් 28,000 කට කිට්ටුයි! 🇸🇦
ඒ කියන්නේ ආරක්ෂාව අඩු කළා කියලා කාර් එකේ මිල අඩු වෙලා නෑ. ඔවුන් කරන්නේ අඩු ආරක්ෂාවක් දීලා ලොකු ලාභයක් සාක්කුවේ දාගන්න එක. එහෙනම් මේකට ඇත්තම හේතුව මොකක්ද?
මේ ප්රහේලිකාවට උත්තරේ හොයාගන්න නම් අපි යන්න ඕනේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ තියෙන IIHS (Insurance Institute for Highway Safety) කියන ආයතනයට. අද ලෝකේ වාහන වල අපි දකින ලස්සන Crash test වීඩියෝ ගොඩක් කරන්නේ මෙතන. මේ ආයතනය රජයේ ආයතනයක් නෙවෙයි, මේකට සල්ලි දෙන්නේ රක්ෂණ සමාගම් විසින්. ඔවුන් අවුරුද්දකට කාර් 85 ක් විතර මෙතනදී කුඩුපට්ටම් කරලා ටෙස්ට් කරනවා. 💥🎥
ඇමරිකාවේ 1950 ගණන් වල කාර් හදද්දී සමාගම් හිතුවේ හැප්පෙන එකෙන් බේරෙන එක ඩ්‍රයිවර්ගේ වගකීමක් කියලා. ඒ කාලේ කාර් එකක් හැප්පුණාම සුක්කානම රියදුරාගේ පපුව හාරගෙන යනවා, දොරවල් ඇරෙනවා, මිනිස්සු මැරෙනවා.
හැබැයි 1960 ගණන් වල රක්ෂණ සමාගමක් වුන 'Liberty Mutual' සහ නීතිඥ 'Ralph Nader' මැදිහත් වෙලා ආරක්ෂිත කාර් එකක් ඩිසයින් කළා. මේකෙන් බය වුන ජෙනරල් මෝටර්ස් සමාගම ඔහුව අපකීර්තියට පත් කරන්න ගෑනු ළමයි පවා යවලා ට්‍රයි කළා. හැබැයි ඒක මාට්ටු වුන හින්දා රජය මැදිහත් වෙලා මුල්ම කාර් ආරක්ෂණ නීති ගෙනාවා.
හැබැයි රජයේ නීති කියන්නේ දේශපාලඥයෝ මාරු වෙද්දී, සමාගම් වලින් සල්ලි ලැබෙද්දී වෙනස් වෙන දෙයක්. අන්න එතනදී තමයි මේ IIHS ආයතනය ගේමට එන්නේ.
ඔවුන්ට කාර් සමාගම් වලට නීති දාන්න බෑ. හැබැයි ඔවුන්ට කරන්න පුළුවන් එක ලොකු දෙයක් තියෙනවා: සමාගම් ලැජ්ජා කිරීම! 📸
IIHS ආයතනය කාර් හැප්පෙන විදිහ Hollywood මට්ටමේ කැමරා, ලයිටින් දාලා රෙකෝඩ් කරලා මුළු ලෝකෙටම පෙන්වනවා. මුලදී කාර් සමාගම් මේකට විරුද්ධ වුණා. "මේ ටෙස්ට් කළොත් ඔළුවට තුවාල වෙනවා වැඩියි" කියලා GM සමාගම පවා ලියුම් ලිව්වා. හැබැයි කාර් ගන්න මිනිස්සු මේ ටෙස්ට් වලින් එන ප්‍රතිඵල වලට කැමති වුණා. ඒ නිසා කාර් සමාගම් වලට සිද්ධ වුණා තමන්ගේ කාර් ආරක්ෂිතව හදලා, ඒකම මාකටින් වලට පාවිච්චි කරන්න.
මේ ලැජ්ජා කිරීම කොච්චර සාර්ථකද කියනවා නම්, 2012 දී IIHS ආයතනය Small Overlap Test (කාර් එකේ ඉස්සරහින් 25% ක් විතරක් හැප්පෙන පරීක්ෂණය) එකක් මුලින්ම කළාම ගොඩක් කාර් ෆේල් වුණා. සමාගම් ඉක්මනින්ම ඒක හදාගෙන කාර් එකේ ඩ්‍රයිවර් ඉන්න පැත්ත ශක්තිමත් කළා. 🛡️
ඊටපස්සේ IIHS එක අනිත් පැත්තෙන්, ඒ කියන්නේ මගියා ඉන්න පැත්තෙන් හැප්පෙව්වා. එතකොටත් ගොඩක් කාර් ෆේල් වුණා! ඒ කියන්නේ කාර් සමාගම් කරලා තිබුණේ ටෙස්ට් කරන පැත්ත විතරක් ශක්තිමත් කරපු එක! 🤦♂️ පස්සේ ලැජ්ජාව නිසා ඔවුන් ඒ පැත්තත් ශක්තිමත් කළා.
මේකෙන් අපිට තේරෙන දේ තමයි: කාර් සමාගමක් ආරක්ෂිත කාර් එකක් හදන්නේ ඔවුන් මිනිස්සුන්ට ආදරේ නිසා නෙවෙයි, ඔවුන්ගේ කාර් එක Crash test එකකින් ෆේල් වෙලා ලෝකෙම ඉස්සරහ ලැජ්ජා වෙන්න වෙන නිසයි.
යුරෝපයේ සහ ඇමරිකාවේ මේ වගේ ටෙස්ට් කරන ආයතන (Euro NCAP වගේ) සහ බලවත් රක්ෂණ සමාගම් තියෙන හින්දා එහේ කාර් ආරක්ෂිතයි. හැබැයි ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව වගේ රටවල මේ වගේ දැඩි පරීක්ෂණ නැතිකමත්, එහේ රක්ෂණ සමාගම් මේවා ගැන හොයන්නේ නැතිකමත් හින්දා කාර් හදන සමාගම් කරන්නේ නීතියෙන් බේරෙන්න පුළුවන් අවම ආරක්ෂාව විතරක් දීලා ලාභය වැඩි කරගන්න එක.
ඔයාට හිතෙන්න පුළුවන් රක්ෂණ සමාගම් මේ තරම් සල්ලි වියදම් කරලා (මේ කාර් ඇතුලෙ තියන එක Dummy මනුස්සයෙක් ඩොලර් ලක්ෂ 2.5 ක් වගේ වෙනවා) මේ ටෙස්ට් කරන්නේ ඇයි කියලා. 🧐
ලාභය: හැප්පෙන එක අඩු වුණොත් ඔවුන්ට වන්දි ගෙවන්න වෙන එක අඩු වෙනවා.
අයිතිකරුවන්: ඇමරිකාවේ ගොඩක් රක්ෂණ සමාගම් "Mutuals", ඒ කියන්නේ ඒකේ අයිතිකාරයෝ වෙන්නේ රක්ෂණය දාපු සාමාන්‍ය මිනිස්සුමයි. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ පාරිභෝගිකයින්ගේ ජීවිත ගැන වැඩියෙන් හිතනවා.
අවදානම පාලනය: රක්ෂණය කියන්නේ අවදානම ගැන බිස්නස් එකක්. කාර් ආරක්ෂිත වෙද්දී මරණ අඩුවෙන නිසා ඔවුන්ට වන්දි ගෙවන්න වෙන අවදානම පුරෝකථනය කරන්න ලේසියි.
ඒත් අද වෙද්දී ඉන්දියාව (Global NCAP/Bharat NCAP) වගේ රටවල් වලටත් මේ ක්‍රමය ගිහින් තියෙන නිසා එහේ කාර් වලත් ආරක්ෂාව ටිකෙන් ටික වැඩිවෙමින් තමයි තියෙන්නේ. හැබැයි අදටත් ඇමරිකාව සහ යුරෝපය අතරත් වෙනස්කම් තියෙනවා. 🚫
උදාහරණයක් විදිහට අර කියපු Toyota Corolla Cross කාර් එක යුරෝපයේ ගත්තොත් ඉස්සරහ සීට් දෙක මැදින් Center airbag එකක් එනවා. හැබැයි ඇමරිකාවේ ඒක නෑ! ඒ ඇයි? යුරෝපයේ Crash test කරද්දී මගියාගේ පැත්තෙත් Dummy එකක් තියන නිසා දෙන්නා ඔළු වල හැප්පෙන එක වළක්වන්න ඒක දානවා. හැබැයි ඇමරිකාවේ ටෙස්ට් එකේ ඒ Dummy එක නැති නිසා කාර් සමාගම් ඇමරිකාවට ඒ Airbag එක දෙන්නේ නෑ! 🤯
ඒ වගේම ජපානයේ Subaru Forester එකේ පාපැදිකරුවන්ව බේරගන්න Bonnet එක උඩින් එන Airbag එකක් තිබුණත් ඒක වෙන රටවලට එන්නේ නෑ. මේ හැමදෙයින්ම පේන්නේ එකම දේ. කාර් හදන සමාගම් කරන්නේ ඒ අදාළ රටේ ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ ටික විතරයි!
අවසානයේදී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි, මේ ලෝකේ පාරිභෝගිකයා දැනුවත් නැත්නම්, සමාගම් හැමවෙලේම උත්සාහ කරන්නේ අඩුම වියදමකින් වැඩිහ ලාභය ගන්න කියන එක. ලෝකය පුරාම එක සමාන Crash tests සහ තොරතුරු බෙදාහැරීමක් නැති තාක් කල් අපිට අඩුවට ලැබෙන්නේ අපේම ජීවිත වලට අවදානමක් තියෙන කාර් තමයි.
අන්න ඒ නිසා මේක තමයි හොඳම, අරක තමයි හොඳම කියලා වාහන සන්නාම වලට කඩේ යන්න කලින් එයාලා කරන්නෙත් ගොඩක් වෙලාවට අපිව රවට්ටන එක කියලා මතක තියාගන්න.
credit goes to respective owners

Post a Comment