නුතනයේ පවතින බෝ නොවන රෝග අතරින් බහුල වශයෙන් පැතිරෙන රෝගයක් ලෙස ඩෙංගු රෝගය හැඳින්වීමට පුළුවන. මිනිසුන් තමන්ගේ ම නොසැළකිලිමත්කම හේතුවෙන් ඇති කරගන්නා ඩෙංගු රෝගය හේතුවෙන් මිය යන පුද්ගල සංඛ්‍යාවද වර්ධනය වී තිබේ. වැසි කාලයෙන් පසුව සාමාන්‍ය වෛරස් උණක් හට ගත්ත ද බොහෝ දෙනෙක් තමන්ට ඩෙංගු රෝගය වැළදී තිබේ ද යන්න පිළිබඳව ය. එම නිසා බොහෝ දෙනෙක් කලබලයට පත් වී අනවශ්‍ය ප්‍රතිකර්ම සිදු කිරීමට පෙළඹේ. පළමුව ඩෙංගු රෝගියා විවේකයෙන් තබා එම පුද්ගලයා කැමති ආහාරපාන ලබා දීම වඩාත් වැදගත් වේ. නැතිනම් ශරීරය දුර්වල වී රෝගය තව දුරටත් උත්සන්න වන බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත. ඩෙංගු රෝගීන්ට සුදුසු පාන වර්ග කිහිපයක් පහත දක්වා ඇත.
සුප්
ඩෙංගු රෝගය වැළදී ඇති රෝගීන් සඳහා සුප් පානය කිරීම වඩාත් ගුණදායක බව වෛද්‍යවරු සනාථ කර ඇත. උණ රෝගය නිසා සිරුරේ සන්ධි හා මාංශපේශීවල ඇතිවන අධික වේදනාව සුප් පානය කිරීම මඟින් සමනය කර ගත හැක. ඩෙංගු රෝගීන් සඳහා සුප් සැකසීමේ දී කුළුබඩු අවම වශයෙන් යොදා ගැනීම වඩාත් වැදගත් වේ. ඒ මන්ද යත් ඩෙංගු රෝගය නිසා ඇතිවන උදරයේ වේදනාව සඳහා කුළුබඩු එතරම් ගුණදායක නොවන නිසා ය. එමෙන් ම කෑම අරුචියෙන් සිටින රෝගීන් වඩාත් ඇලුම් කරන එළවළු වර්ග භාවිතා කර සකසන සුප් මඟින් දින කිහිපයකින් ඩෙංගු රෝගීයාගේ කෑම අරුචිය නැති වී යාමට පුළුවන.
දොඩම් යුෂ
දොඩම් යනු විටමින් c බහුල පළතුරකි. මෙහි අඩංගු විටමින් c සහ ඇන්ටිඔක්සයිඩ ඩෙංගු රෝගීන්ට වඩාත් හිතකර වේ. එමෙන් ම තන්තු බහුල පළතුරක් වන දොඩම් පළතුරක් වශයෙනක් ආහාරයට ගැනීමට ද පුළුවන. එසේ නැතිනම් දොඩම් යුෂ වශයෙන් පානය කිරීමට ද පුළුවන. දොඩම් මඟින් පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියට බලපෑමක් සිදු වී රෝග වැළදීමේ අවධානම ද අඩු කරනු ලබයි. එම නිසා දොඩම් යුෂ ඩෙංගු රෝගය සඳහා පමණක් නොව දිනපතා වුවද උදෑසන කාලයේ දී පානය කිරීම පුරුද්දක් කර ගැනීම වඩාත් වැදගත් වන බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සනාථ කර තිබේ.

එළවළු යුෂ
ඩෙංගු රෝගීන් සඳහා වඩාත් සුදුසු වන්නේ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු එළවළු වේ. විශේෂයෙන් ම කොළ පැහැති එළවළු, කැරට් සහ පිපිඤ්ඤා වැනි එළවළු යුෂ වශයෙන් පානය කිරීම ඩෙංගු රෝගීන්ට වඩාත් හිතකර වේ.
අමු එළවළු ගෙන හොඳින් සෝදා පිරිසුදු කර ගෙන එම එළවළුවල යුෂ මෙම රෝගීන් සඳහා ලබා දීමෙන් එම එළවළුවල පවතින පෝෂණය කිසිවිටක විනාශ නොවන නිසා රෝගීන්ට වඩාත් ගුණදායක වේ.මෙම එළවළු යුෂවලට රෝගීයාගේ කැමැත්ත අනුව ගම්මිරිස් ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් ද එක් කර ගැනීමට පුළුවන. මෙම එළවළු යුෂ මඟින් ශරීරයේ රුධිර ගමනාගමනය මනාව සිදු කරනු ලබයි.
පළතුරු යුෂ
දියවැඩියා තත්ත්වය නොමැති ඩෙංගු රෝගියෙකුට තමන් කැමති රතු පැහැය නෙමැති ඕනෑම පළතුරු යුෂ වර්ගයක් පානය කිරීමට පුළුවන. විශේෂයෙන්ම අඹ, අන්නාසි,කෙසෙල්,පේර වැනි යුෂ වර්ග පානය කිරීම රෝගීයාගේ ශරීරයට වඩාත් ගුණදායක වේ.
මෙවැනි පළතුරු යුෂ පානය කිරීම මඟින් රෝගියාගේ ශරීරයට තව දුරටත් වෛරසය ඇතුළු වීම අවම කර ගැනීමට පුළුවන. රතු පැහැති ඇපල් ඩෙංගු රෝගීන් සඳහා ලබා නොදෙන්නේ එහි රතු පැහැය සහ වමනය සමඟ පිටවන රුධිරය හදුනා ගැනීමට අපහසු වන නිසා ය. සමහර අවස්ථාවලදී රතු පැහැති පාන වර්ග සහ ආහාර වර්ග ලබා දීමෙන් ඩෙංගු රෝගයේ තත්ත්වය පිළිබඳව සිනි තීරණයක් ගැනීමට නොහැකිව රෝගය දරුණු වීමට ද පුළුවන. එම නිසා පළතුරු යුෂ පානය කිරීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු ය.
පොල් වතුර
පොල් වතුරවල ඩිහයිඩ්‍රේට් නමැති සිරුරට අත්‍යවහ්‍ය පෝෂණ සංඝටකය අඩංගු වේ. පැණි රසකින් යුක්ත වන බැවින් ඩෙංගු රෝගීන්ට කිසිදු මැළිකමක් නොමැතිව පොල් වතුර පානය කළ හැකි ය. තව ද පොල් වතුරවල වැඩි වශයෙන් අඩංගු වී ඇත්තේ ඛනිජලවණ වීම නිසා මෙම රෝගීන්ගේ සන්ධි සහ අස්ථිවල වේදනාව අඩු කිරීමට ද පොල් වතුර වඩාත් ප්‍රයෝජනවත් වේ. එමෙන් ම මෙහි පවතින සිසිල් ගුණය මඟින් රෝගීන්ගේ ශරීරයේ ක්රියාකිරීත්වයට ද යම් බලපැමක් සිදු කරනු ලබයි. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින රෝගියෙකුට විජලන තත්ත්වයෙන් මිඳිම සඳහා දෙනු ලබන ප්‍රධානතම පානයක් ලෙස ද පොල් වතුර හැඳින්වීමට පුළුවන.
Credit Goes to respective owners

Post a Comment