බ්‍රිතාන්‍යය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ වායු සමීකරණ සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ බරපතල අවදානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට වායු සමීකරණ සඳහා පවතින ඉල්ලුම පෙරටත් වඩා ඉහළ ගොස් ඇති බවයි ක්ෂේත්රයේ විශේෂඥයන් පවසන්නේ.
මේ වන විට වායු සමීකරණ සඳහා පවතින ඉල්ලුම පෙරටත් වඩා ඉහළ ගොස් ඇති බවයි ක්ෂේත්රයේ විශේෂඥයන් පවසන්නේ.
කේම්බ්‍රිජ්ෂයර් හි එලී ප්‍රදේශයේ වායු සමීකරණ සමාගමක් පවත්වාගෙන යන ඉංජිනේරුවරයෙකු වන නික් බර්ටන් පවසන්නේ, පසුගිය සතියේ ඇති වූ දැඩි උෂ්ණත්වයත් සමඟ ඔවුන් වෙත ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය අතිශයින්ම ඉහළ ගොස් ඇති බවයි.
ඉංජිනේරු නික් බර්ටන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසරින් වසර ඉහළ යන ගිම්හාන උෂ්ණත්වය මෙම වායු සමීකරණ කර්මාන්තයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් වී ඇති බවයි.
ඉංජිනේරු නික් බර්ටන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසරින් වසර ඉහළ යන ගිම්හාන උෂ්ණත්වය මෙම වායු සමීකරණ කර්මාන්තයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් වී ඇති බවයි.

Post a Comment