මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුමෙන් පසුව එම බන්ධනාගාරයේ ගැහැනු වාට්ටුවේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ බන්ධනාගාරයේ වහලය මතට නැග ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතව සිටි බවය.
එමෙන්ම මීට සුළු මෙහොතකට පෙර පිරිමි රැඳවියන් පිරිසක්ද බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් හටගත් ගැටුමෙන් මේ වන විට තුවාලකරුවන් 35දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
එමෙන්ම, තුවාල ලැබූ රැඳවියන්ගෙන් තවත් දසදෙනෙකු මීගමුව රෝහල තුළදී සැත්කම් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
සෙසු තුවාලකරුවන් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු වාර්තා විය.
මේ වන විට බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.
මේ අතර සිද්ධිය සැළවීමත් සමඟ පුද්ගලයින් පිරිසක් මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ එහි රඳවා සිටින සිට ඥාතීන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.
එම අවස්ථාවේ අදාල තොරතුරු ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීමත් සමඟ ආරක්ෂක අංශ සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

Post a Comment