මේක නම් ඇත්තටම හරි අපූරු කතාවක්. ඇත්තටම අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ කවුද..? මේ කතාවට මුල පුරන තැන සිට ඔබටත් අන්න ඒ කියන කතාව හිතේවි.
කොළඹ සිට මාතර දක්වා දිවෙන සාමාන්‍ය ගාස්තු බස් රථයකට ගොඩවූ කාන්තාවකට අර්ධ සුඛෝපභෝගී ගාස්තුව සහිත ටිකට්පතක් දික්කළ බස් කොන්දොස්තරවරයකු මතක හිටින පාඩමක් ඉගෙනගෙන ඇති පුවතක් ගැන ගාලු පුරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණා.
මවක් සහ දියණියක් පොසොන් නිවාඩුවට ගාල්ලේ සිට අනුරාධපුරයට ගියා. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දියණියගේ මිතුරියකගේ නිවසකටයි.
ඔවුහු දෙපල මිතුරිය හා පවුලේ අය සමග අනුරාධපුර පොසොන් අසිරිය හොඳින් විඳ ගත්තා. පසුව මව සහ දියණිය නැවත ගම්බිම් බලා පැමිණීමට සූදානම් වනවිට එම නිවසින් ලොකු හාල් මල්ලක්ද පරිත්‍යාග ලෙස ලැබී තිබුණා.

මව හා දියණිය කොළඹින් බැස ගාල්ල දක්වා යන බස් රථයක් අල්ලා ගැනීමට පෞද්ගලික බස් රථ ගාලට පැමිණියා.
ඒ අවස්ථාවේ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු මාතර දක්වා දිවෙන බසයක් දැක ඔවුහු ඒ පිළිබඳව විපරම් කළා.
එහිදී එය සාමාන්‍ය බස් ගාස්තු අයකරන බස් රථයක් බව පැවසීම නිසා හාල් මල්ලත් සමග අම්මා බස් රථයට ගොඩකළ දුව ඇගේ විශ්වවිද්‍යාලය බලා නික්ම ගියා.
බස් රථය ගමන් ඇරඹීමෙන් පසු මෙම කාන්තාව වෙත පැමිණි බස් රථයේ කොන්දොස්තර තැන ඇයට රුපියල් පන්සීයක ටිකට් එකක් කඩා දික් කළා.
"අපි අහල නැග්ගෙ! ඇයි මේ තුන්සිය ගාණට පන්සිය ගාණක්" කියමින් ඈ බෑගය හැර රුපියල් තුන්සීයක් සෙව්වා. ඒත් පසුම්බියේ තිබුණේ සීයේ කොළ දෙකක් පමණි. පන්සීයේ කොළයක් දුන්නොත් පන්සීයම කොන්දා තියාගනී යැයි සිතූ ඈ ඔහු වෙත සීයේ කොළ දෙක දික් කළා.
එම මුදල අතට ගත් කොන්දොස්තර "මෙතන දෙසීයයි තියෙන්නෙ. මේ ගාණට මගටවත් යන්න බැහැයි" කියමින් දෙසීය පොත අස්සට දමාගෙන තිබුණා. තම දුරකථනයේ වීඩියෝ කැමරාව ඔන් කරගෙන සිටි ඇය "හරි මාව දෙසීයක දුර එක්කරගෙන ගිහින් බස්සන්නැයි" කියමින් ඔහුගෙන් ඉල්ලා තිබුණා.
එන පොට හොඳ නැති බව ඉවෙන් මෙන් දැනගත් කොන්දොස්තර හිමින්ම මාරුවී බස් රථයේ ඉදිරියට ගියා.
පන්සිය ගණනක ටිකට් එකක් ලබාගෙන රුපියල් දෙසීයක් පමණක් දී ඈ ඇගේ ගමනාන්තය වන හික්කඩුව දක්වාම නිරුපද්‍රිත පැමිණ තිබූ අතර, බසයෙන් බහිනවිට ඇගේ හාල් මල්ල බිමට ගැනීමටද ඔහු උදව් කර තිබුණා.

Post a Comment