හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද පෙරවරුවේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැක පළ කරන බවයි.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී.
63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පෞද්ගලික හේතුවක් මත පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවසේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව කඩිනමින් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර බස්නාහිර අපරාධ කොට්ඨාසයේ දකුණු දිසාව භාර නිලධාරීන්, මිරිහාන අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරීන් සහ ඇඟිලි සලකුණු අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් අද පෙරවරුවේ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිවසට පැමිණ විමර්ශන ආරම්භ කළා.
මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද අදාළ සිදුවීම සිදු වූ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මාලඹේ තලාහේනේ පිහිටි නිවසට පැමිණියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් දෙකක් පත් කර ඇති බවයි.
1986 ජූනි 16 වැනිදා ශ්‍රී ලංකා පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස එක් වූ සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වුණා.
2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවුණු අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණේ සී.ඩී. වික්‍රමරත්න මහතායි.
ඉන් අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩ භාරගත් අතර ඔහු 2023 නොවැම්බර් 23 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.
සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ 2023 මාර්තු මාසයේදී වුවද ඔහුට අවස්ථා හතරකදී සේවා දිගු ලබා දී තිබුණා.

Post a Comment