දෙදෙනාගේ ජීවිත කතාව මේ විදිහට විසඳේවි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති..
ඒත් අද වෙනකොට ඔවුන් දෙදෙනාම ජීවිතයෙන් සමුඅරන් ගිහින්..
දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසනවා..
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය පවසන්නේ..
මියගිය අඹුසැමියන් දුම්රිය මාර්ගය මාරුවීමට ගිය අවස්ථාවේ මරදාන සිට අලුත්ගම ධාවනය වූ දුම්රියේ ගැටී දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසුවා..
Post a Comment