ඔහුගේ ජීවිතය අවසන් වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..
කොහොම වුණත් අවසානයේ කවුරුත් නොසිතූ නිමේෂයක ලලිත්ගේ ජීවිතය උදුරාගත්තේ කා අතින් සිදුවූ වරදක් නිසාද..?
අමතර පංතියක සිටි දියණිය කැටුව ඒමට යමින් සිටි පියකු මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසනවා..
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මහවිහාර පාරේ පදිංචි අයෙක්.. එක්දරු පියකු වන ඔහු
සුදුදෙවගේ ලලිත් තුෂාර නමැති 44 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ..
මියගොස් ඇති තැනැත්තා පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කරමින් සිට ඇති අතර, පිටුපසින් පැමිණි මෝටර් රථය ඔහු යටකර ඉදිරියට ගමන්කර ගාලු පාරේ විදුලි ආලෝක කනුවක ගැටී නතරව තිබෙනවා..
මෝටර් රථයේ ගැටුන තැනැත්තා මීටර් 20 ක් පමණ ඈතට විසිව ගොස් ඇති බව පොලිසිය පවසනවා...
Post a Comment