1.උඩවලව ජාතික උද්‍යානය තුළ විදුලි වැට ආසන්නයේ ඉරණම විසදෙන අලි😥🐘🍃
මුගලන්
2018 වර්ෂයේ නොවැම්බර් මස 31 වන දින උඩවලව ජාතික උද්‍යානය තුළ උඩවලව ජලාශයේ පිටවාන ආසන්නයේ උඩවලව තනමල්විල මාර්ගයේ සිට සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් මෙම ඇතා මරණයට පත්විය.උඩවලව ජලාශය පිටවා ආශ්‍රිතව නිතර දක්නට ලැබෙන මෙම ඇතා දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයක් උහුලන ලද ඇතෙකි. නිරන්තරයෙන් වාහන ගමන් කරන උඩවලව තනමල්විල මාර්ගයේ සිට ජාතික උද්‍යානය තුළ සිටි මෙම ඇතා හට උද්‍යානයෙන් පිටත මාර්ගයේ සිට වෙඩි තැබීම තුළින් උද්‍යානයට අත් වී ඇති ඉරණම ඔබට වැටහෙනු ඇත.
එමෙන්ම මුගලන්ගේ ඉරණමකෙසේ විසදෙද්දී උද්‍යානය තුළ මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙඩි වැදී මිය ගිය ඇතුන්ගේ ලැයිස්තුවක් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කර සිටිමි
2017 ගොමගල රාජා වෙඩි තැබීමෙන්
2018 කල්තොට ඇතා වෙඩිතැබීමෙන්
2018 මුගලන් ඇතා වෙඩි තැබීමෙන්
2020 පොකුණරාජා වෙඩි තැබීමෙන්
2021 ථේරපුත්ත කම්බි මද්දක් හේතුවෙන්
2023 මීගස්වැව ඇතා බඳින කඳක් හේතුවෙන්
2023 කුඩා ඇත් පැටවෙකු වෙඩිතැබීමෙන්
2023 හඳුනා නොගත් ඇතෙකු වෙඩි තැබීමෙන්
ඉහත දක්වා ඇත්තේ වාර්තා වූ ඇතුන්ගේ මියයාම පමණයි වාර්තා නොවු මරණද බොහෝ ඇත. එයට හොඳම උදාහරණය වන්නේ විටින් විට නීති විරෝධී ලෙස විකිණීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් දළ යුගලයන්ය පිලිබදව සොයා බැලිම් වලදි එම දළ යුගලයන් උද්‍යානයට සම්බන්ධතා පැවතීමයි. එමෙන්ම ඉහත දක්වා ඇත්තේ මිය ගිය ඇතුන්ගේ කුඩා ලැස්තුවකි. අලියා සහ ඇතා බාහිරෙන් වෙනස් උවද අපට අනුව නම් එම දෙකොට්ඨාශයම වටිනා සම්පතකි. ඒ අනුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින්ද විශාල ප්‍රමාණයක් උඩවලව ජාතික උද්‍යානය තුළ මෙන්ම අවට පරිවාර රක්ෂිත තුළ මියගොස් ඇත
උඩවලව ජාතික වනෝද්‍යානය දඩයම්කරුවන්ගේ රජදහනක් වී ඇති බවට හොඳම උදාහරණය වන්නේ ඔබට උද්‍යානය තුළ අද සංචාරය කළහොත් වෙඩි වැදී ලේ පෙරමින් සහ තුවාල සහිතව සැරිසරන අලි ඇතින් සුලභව දැක ගත හැකිවීමයි. ඉන් බහුතරයක් ගැහැණු සතුන් වේ. සාමාන්‍යයෙන් උද්‍යානයෙන් පිටතට ගැහැණු සතුන් ගමනන් කිරීම සිදු නොකරයි. උද්‍යානය තුළ සැරිසරමින් තම අවශ්‍යතා සපුරා ගැනීම සිදුකරයි. එසේ තිබියදී වෙඩි වැදී තුවාල සහිතව ගැහැණු සතුන් දක්නට ලැබීම තුළින් උද්‍යානය දඩයම්කරුවන්ගේ රජ දහනක් වී ඇති බව ඔබට වැටහෙනු ඇත.
ඉහත ඉදිරිපත් කරන ලද්දේ අලි ඇතුන්ගේ තත්ත්වයයි. උද්‍යානය තුළ අලි ඇතුන්ට මෙන්ම විශාල සත්ව වර්ග ගණනාවකට නවාතැන් සපයන අතර ඒ සතුන්ට අත්වී ඇති තත්ත්වය ද ඉතා ශෝචනීයයි උද්‍යානය අවට නිරන්තරයෙන් දඩ මස් ජාවාරම් පවත්වාගෙන යාමත් ඒ තුලින් ඔබට ඉතා පහසුවෙන් උඩවලව උද්‍යානය අවටින් සුලබ ලෙස දඩමස් සොයාගත හැකිය. උඩවලව ජාතික වන උද්‍යානය තුළ සතුන්ට අත්වී ඇති ඉරණම එයින් ඔබට වැටහෙනු ඇත.
මෙම වනජීවි අපරාධයන් සම්බන්ධයෙන් ඔබවෙත අප අවස්ථා ගණනාවකදී තොරතුරු ඔබ හමුවේ සහ අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කළද මේ වනතෙක් එම අපරාධයන් වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ පිළියම් යොදා නැති බව ඔබට වැට වැටහෙන්නේ මීට ඉතා ආසන්න දිනක උඩවලව ජාතික උද්‍යානය තුළ විදුලි වැට ආසන්නයේ අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් උද්‍යානය දවසින් දවස අභාවයට කරා ගමන් කර ඇති බව ඔබට වැටෙහෙනු ඇත.
මෙම උඩවලවේ උද්‍යානය තුල සිදුවන වනජිවි අපරාධයන් දැක දැක ඒ දෙස අවධාන උද්‍යානය බාරකරු විසින් ලබා නොදීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.
දැන්වත් මෙම වනජීවී අපරාධයන් වැළැක්වීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේ යැයි අප සමූහයේ එකම අභිප්‍රාය වේ
2.හක්ක පටස් මාරයා😥🍃🐘
ඔබට සිහියට එන එක් අංගයක් වන්නේ ගිනි කෙළිය. ඒ අතරින් අද අප ඔබ වෙත රැගෙන එන්නේ චීන පටස් නැමැති ගිනිකෙළි හේතුවෙන් සතුන්ට සිදුවන හානිය සම්බන්ධවයි
හක්කපටස් බවට චීනපටස් පත්වන්නේ කෙසේද යන්න අපි දැන් අවධානයට ලක් කරමු.
ප්‍රතමයෙන් චීන පටස් භාවිතා කරන පිලිබදව අව අවධානය යොමු කරමු. චිනපටස් එක වේගයෙන් ඝන මතුපිටක් වෙත විසි කර එය ඝන මතුපිටට වැදීම සමග පිපිරීම තුළින් ශබ්දයත් සමගින් පුපුරායාම සිදුවේ. මෙම සංසිද්ධිය උපකාරයට ගනිමින් සතුන් මැරීම සඳහා මෙම චීන පටස් වට්ටක්කා ගෙඩියක් තුළට ඇතුල් කිරීම, චීනපටස් එක වටා කුරක්කන් තැවරීම සහ විශේෂයෙන්ම ඌරන් මැනීමේ අරමුණෙන් ඉවතලන ආහාරවලට ඔබ්බවීම සිදු කරන අතර මේ සඳහා ඒ ඒ සතුන් ප්‍රියකරන ආහාර බාවිතයට ගැනීම සිදු කරයි.
දැන් අප විමසා බලමු මෙය ක්‍රියාත්මක වී සතුන්ට සිදුවන හානිය පිලිබදව. ඉහත සඳහන් පරිදි ආහාර ඉව වැටුණු සත්වයින් විසින් එම ආහාර ආහාරයට ගැනීමට පෙළඹීමෙන් මුඛය තුළ ආහාර හැපීමත් සමග හක්කපටස් එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලැබීමත් සමග මුඛය තුළ හක්කපටස් එක පුපුරා යාම සිදුවෙයි.
එසේ පුපුරා යාම මගින් සත්වයින්ගේ මුඛයට දැඩි හානි සිදුවීම සිදුවේ. එසේ හානි සිදුවීම තුළින් සත්වයාහට ආහාරයට ගැනීමට සහ වතුර පානය කිරීමට නොහැකිවීම තුළින් නිරාහාර වීම සහ පිරීම නිසා සිදුවූ තුවාල ආසාදනය වීමෙන් සත්වයා මිය යාම සිදුවේ
විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම හක්කපටස් ආහාර ගැනීමට පෙළඹෙන්නේ කුඩා පැටවුන්ය එයට හේතුව ඔවුන් හට එහි ආහරයට අමතරව වෙන හානිකර ද්‍රව්‍යයක් අන්තර්ගත බව නිවැරදිව හඳුනාගැනීමට අපොහොසත් වීමයි .වැඩුණු සතුන් මෙයට ගොදුරු වන්නේ ඉතා කලාතුරකිනි .
මෙසේ හානියට පත්වන සත්වයින් හට උරුම වන්නේ මරණයයි මක් නිසාද ප්‍රතිකාර කළත් එය සාර්ථක නොවන්නේ මුඛයේ දත් සහ හකුවලට දැඩි හානි සිදුවීම නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉතා අපහසු බැවිනි.
එම නිසා ඔබෙත් මගෙත් යුතුකම වන්නේ මෙම චීන පටස් නමැති ගිනිකෙලි ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් බැහැරවීමයි. එයට ඇති ඉල්ලුම අඩුවීම තුළින් ඒ නිෂ්පාදනයෙන් ඉවත් කිරීම සිදු කළ යුතුය. මක්නිසාද කෙතෙක් මෙම චීන පටන් තහනම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස නිසි බලධාරීන් වෙත දැනුවත් වීම් කල ද එය ගඟට ඉනි කැපුවා වැන්නක් වී ඇති බැවිනි. එබැවින් අප හැකි පමණින් සමාජය දැනුවත් කර අපගේ යුතුකම මෙම සත්ත්වයන් වෙනුවෙන් ඉටු කරමු.
3.අපේ හස්ති ලොවේ නොදන්න වතගොත
පානම දළ පූට්ටුවා🐘❤️
𝐏𝐚𝐧𝐚𝐦𝐚 𝐏𝐮𝐭𝐭𝐮𝐰𝐚/ 𝐊𝐚𝐭𝐡𝐢𝐫𝐚𝐲𝐚
𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐞𝐝 𝐘𝐞𝐚𝐫 - 𝟏𝟗𝟗𝟖
ඔබ මේ දකින ''දළ පූට්ටුවා " මෙරට වනාන්තර වලින් වාර්තා වූ අවසාන කතිර දළ සහිත "වන ඇතා" වේ.
" කුමන " ජාතික වනෝද්‍යානය හා ඒ අවට වනාන්තරයේ සැරිසරමින් සිටි මේ ඇතා පානම ගම්මානය අසලදී අපරික්ෂාකාරී සිවිල් ආරක්ෂක භටයෙකුගේ වෙඩි පහරින් 2007 ජනවාරි 17 දා අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත් විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවි නිලධාරින් කොතෙක් උත්සාහ කළද කතිර දළ ඇතාගේ පන නළ රදවාගත හැකිවූයේ දින පහක් පමණි.2007 ජනවාරි 22දා අපට අහිමි වූ මේ දුර්ලභ ස්වාභාවික සම්පත ඔබේ අවධානයට යොමු කරවන්නේ අද ඔබත් අපත් මුහුණ දී ඇති ස්වාභාවික සම්පත් හීන වී යාමේ තර්ජනයෙන් ලක් දෙරණ මුදා ගැනීම අප සියලු දෙනාගේ වගකීම හා යුතුකම බවද සිහි කරමිනි.
හස්ති ලොව -Tusker World
Post a Comment