කිසිම දෙයක් බලෙන් ගත්තේ නෑ:
අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ වැන්දඹුවන්ගේ හිමිකම් සීමා කරන පනත සම්මත වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් මේ සෑම සියලු දෙයක්ම ව්‍යවස්ථානුකූලව ලැබුණු දේවල් මිස බලෙන් ලබා ගත් දේවල් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසීය.
ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ ගන්නා තීරණය අනාගතයේදී ඔහුට පාරාවළල්ලක් වීමේ අවස්ථාව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේදී පැවසීය.
කිසිම රාජ්‍ය නායකයෙක් මේවායෙන් යැපුණා කියලා මං හිතන්නේ නෑ. ජනාධිපති ධුරය දරන සමයේදී ගත්ත තීරණ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයා හිතෙනවා නම් එහෙම ප්‍රශ්න ආවට කමක් නෑ කියලා පාර්ලිමේන්තුවට දාලා එය නීතියක් බවට පත් කරගන්න ඔවුන්ට පුළුවන්. මේ රට අවුරුදු ගාණක් ත්රස්තවාදයක් සමග ජීවත් වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා කොහොම කිව්වත් එල්.ටී.ටී.ඊ එකටත් ජේවීපී එකටත් වඩා අද රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාත්මක වෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමා ඔවුන් සමග හැප්පෙන්න සූදානමක් නැත්නම් පෙන්ෂන් ගිහිල්ලා පාඩුවේ ඉන්නවා කියලා හිතාගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නම් එතුමාට මේ වගේ පනතක් සම්මත කරගන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිල නිවසේ බලෙන් ඉන්නේ නෑ.
එරික් ගාමිණී ජනප්‍රිය
Source – Divaina
Post a Comment