සුනඛයකුට පොල්ලකින් පහර දී සුනඛයා අල්ලාගෙන පොළොවේ ගසා නානුඔය ඇළට විසි කළ තරුණයාට එරෙහිව සුනඛයා අයිති කාන්තාව විසින් පෙරේදා (27) දින නානුඔය පොලීසියට පැමිණිල්ලක් කළ බව නානුඔය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.ඩී.සී. ජනක මහතා පැවසීය.
නානුඔය එඩිම්බරෝ වත්තේ නිෙවසක සුරතලයට ඇති කළ සුනඛයකු විසින් ඒ අසලම පිහිටි සුනඛයාට පහර දුන් තරුණයාගේ නිෙවසේ සුරතලයට ඇති කළ බළල් පැටවකු සුනඛයා විසින් සපා තුවාල සිදු කිරීමට උරණ වී එම තරුණයා සුනඛයාට පොල්ලකින් පහරදී පොළවේ ගසා නානුඔයට දමා ඇති බවත්, පසුව සුනඛයා ඇළ දිගේ පීනා විත් නිෙවසට පැමිණ ඇති අතර, පහරදීමෙන් සුනඛයාට තුවාල සිදු වී ඇති බවට සුනඛයාගේ අයිතිකාර කාන්තාව නානුඔය පොලීසියට (27) පැමිණිල්ලක් කළ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. සුනඛයාට පහර දී පොළොවේ ගසා නානුඔය ඇළට දැමූ තරුණයා ද නානුඔය පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ එම කාන්තාව විසින් සුරතලයට ඇති කරන සුනඛයා තම නිෙවසේ සුරතලයට ඇති කරන බළල් පැටවා සපා තුවාල කළ බවයි.
දෙපාර්ශ්වයේම පැමිණිලි සම්බන්ධයෙන් (27) විභාග කළ බවත්, ඒ අනුව තුවාල වූ සුනඛයාට ප්රතිකාර ලබාදීමට සැකකාර තරුණයා එකඟ වූ නිසා පැමිණිල්ල සමතයකට පත් කළ බව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment