ඉතා කුඩා වයසක පසුවෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහ රෝග සඳහා බෙහෙත් ලබාදීමේදී වඩා හොඳ ප්‍රමිතිය සහ නියමිත මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.
ඉන්දියාව, පසුගිය මාසය තුළ අවම වශයෙන් දරුවන් 17 දෙනෙකුගේ මරණයටහේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිතබවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෝකයේ තුන්වන විශාලතම ඖෂධ නිෂ්පාදන රට වන්නේ ඉන්දියාවයි.
එරට නියාමකවරුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ Coldrif, Respifresh TR, සහ ReLife යන කැස්ස සඳහා භාවිත කරනු ලබන සිරප් වර්ග භාවිතයෙන් වැළකී සිටින ලෙසයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙතෙක් වාර්තා වූසියලු මරණවලටසම්බන්ධ වී ඇත්තේColdrif නම් සිරප් වර්ගයයි.
මධ්‍ය ප්‍රදේශ් මධ්‍යම ප්‍රාන්තයෙන් පැමිණි මෙම දරුවන්, ප්‍රධාන වශයෙන් වෙනත් ප්‍රාන්තයක රජයේ රෝහලකදීවකුගඩු අකර්මණ්‍ය වීමහේතුවෙන් මිය ගොස් තිබුණා.
Coldrif නිෂ්පාදනය කර ඇත්තේ දකුණු ප්රාන්තයේතමිල්නාඩුවපදනම් කරගත්Sresan Pharmaceutical Manufacturer විසින්.
මෙම සිරප්, විෂ සහිතඩයිඑතිලීන් ග්ලයිකෝල් (DEG) වලින්48.6% කින් සමන්විත බවයි පැවසෙන්නේ.
ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අවසර දී ඇති උපරිම සීමාව0.1% ක් පමණයි.
Coldrif සිරප් තහනම් කර ඇති අතර, නිෂ්පාදන හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිරප් 2025 මැයි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2027 අප්‍රේල් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.
Respifresh TR සහ ReLife යන සිරප් වර්ග කිසිදු මරණයකට සම්බන්ධ වී නැහැ.
බටහිර ගුජරාට් ප්‍රාන්තයේRednex Pharmaceuticals විසින් නිෂ්පාදිත Respifresh TR, DEG 1.342% කින් සමන්විත බව සඳහන්.
මෙම සිරප් 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.
ReLife ද ගුජරාටයේShape Pharma විසින් නිෂ්පාදනය කර ඇති අතරDEG 0.616% කින් සමන්විතයි.
මෙම සිරප් ද 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.
Respifresh TR සහ ReLife යන සිරප් ආපසු කැඳවා ඇති අතර, එම සමාගම් දෙකටම ඔවුන්ගේ සියලුම වෛද්‍ය නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සිරප් වර්ග කිසිවක් මේ වන විට අපනයනය කර නොමැති බවයි වාර්තා වන්නේ.
අනතුරුව, නියාමනය නොකළ මාර්ග ඔස්සේ ඇති විය හැකි අවදානම්පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා
.jpg)
Post a Comment