ප්‍රෙෂර් තියේනම් අනිවාර්යයෙන් කියවන්න
ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්න...
බ්ලඩ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ. බෙහෙතක් ගන්නෙම නෑ. එහෙම නැත්නම් කාලයක් යන කොට බොන බෙහෙත් ටික අත්හරිනවා. ඒකෙ ඵලවිපාක ගැන ඔබ බොහෝ කතා අහල ඇති. ඒත් හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ කියන මේ කතාව ඔබ අහල නැති වෙන්න පුළුවන්.
එඕටික් ඩිෂෙක්සන් එහෙම නැත්නම්, ඩිෂෙක්ටින් ඇනියුරිසම් කියන්නෙ මේ පාලනය නොකළ පෙෂර් රෝගීන්ට ඇතිවෙන හදිසි තත්ත්වයක්. මේ ඒ ගැන අප හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා කියන කතාව.
“එඕටික් ඩිෂෙක්සන් නමැති හදිසි තත්ත්වය ඇති වෙන්න මූලික වන්නේ මහා ධමනියේ අභ්‍යන්තර ආස්තරණයේ ඇති දුර්වලතාවයක් හා පාලනය නොකල අධික රුධිර පීඩනය. මහා ධමනිය සහමුලින්ම තීරු වලට ඉරිල අධික අභ්‍යන්තර රුධිරවහනයකින් රෝගියා ජීවිතක්ෂයට පත් වෙනවා. එහෙම නැත්නම් මොළයට හා අනෙකුත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හා අත්පා වලට රුධිර සැපයුම අඩාල වීමෙනුත් රෝගියා මිය යන්න පුළුවන්.”
“මීට කලකට පෙර මේ රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් සිදුවුවත්, අද දවසේ මෙම රෝගීන් වැඩි වීමේ පැහැදිලි ප්‍රවණතාවක් තිබෙනවා. ඖෂධ මිල අධික නිසා රුධිර පීඩනය සඳහා භාවිතා කරන්න රෝගීන් මැලිකමක් දක්වනවාද? එහෙම නැත්නම් අධික ආතතිය නිසා රුධිර පීඩනය අධික වීමෙන් එසේ සිදුවනවාද යන්න ගැටලුවක්.”
“කෙසේ නමුත් ඉක්මණින් රෝගය හඳුනාගෙන වහ වහා ප්‍රතිකාර කළොත් රෝගීන් යම් ප්‍රතිශතයක් මරණයෙන් ගලවා ගත හැකි වනවා. ඒ සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ වල මිල ඉතා අධිකයි. ඒ නිසා මේ සඳහා රජයට මිලියන කීපයක අධික වියදමක් දැරීමට සිදුවේ.”
“එම නිසා තම තමන්ගෙ රුධිර පීඩනය නියමාකාරයෙන් කෙසේ හෝ පාලනය කරගත යුතු අතර, ආතතිය හා ක්ෂණිකව කෝප වීම පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.”
මේ නිසා පසුසටහන විදිහට සිහිපත් කරන්නම් ප්‍රෙෂර් එක තියෙද්දි ඒකට බෙහෙත් නොබී ඉන්නව කියන්නෙ ජීවිතය පරදුවට තැබීමක්. ජීවිතයත් එක්ක සූදු කෙළියක යෙදීමක්. ඔය හදිසි කෝපය, ඉවසීමක් නැතිකමත් මේ විදිහේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන ඇබැද්දි වලට හේතු වෙන්න පුළුවන්.
ප්‍රෙෂර් එක තියෙනවා නම් ඊට නියමිත බෙහෙත් නොවරදවා බොන්න. සංයමයෙන්, ශික්ෂණයෙන් යුතු ජීවිතයක් ගත කරන්න. හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා අත්දැකීමෙන් දෙන අවවාදය එයයි.
Copied

Post a Comment