ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(05) පැවැත්වුණා.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එම ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු වුණා.
UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු වුවා.

Post a Comment