ඉන්දියාවේ කුඩා නගරයක් වූ රායිපූර්, සාමාන්‍යයෙන් සාමකාමී නගරයකි. නමුත් එදා රාත්‍රියේ නිශ්ශබ්දතාව බිඳී ගියේ උස් හඬකින් යුත් කෑගැසීම් සහ දොරවල් වැසෙන හඬිනි. හේතුව: විශාල ව්‍යාඝ්‍රයෙක් නගරයට ඇතුළු වී පාර මැද වාඩි වී සිටීමයි. මිනිසුන් තත්පර ගණනකින් වීදි වලින් අතුරුදහන් වූ අතර, විදුලි පහන් එකින් එක නිවී ගියේය. නගරයේ ජීවිත මොහොතකට නතර වූවාක් මෙන් විය.
සියල්ලන්ම තම නිවෙස්වල ආරක්ෂාව සොයා ගියද, එක් පුද්ගලයෙක් පමණක් ඒ දෙසට පැමිණෙමින් සිටියේය. ඒ කේ. සී. ය. ඔහු හැමදාම රෑ බෝ වී ගෙදර යන, නිතරම අතේ බෝතලයක් තබාගෙන සිටින නගරයේ බේබද්දා විය.
කේ. සී. අඳුරේ පැකිලෙමින්, බෝතලයෙන් තවත් උගුරක් බීවේය. ඔහුගේ ලෝකය සැමවිටම මදක් බොඳ වී තිබුණි.
ඔහු ව්‍යාඝ්‍රයා වෙත කෙළින්ම ඇවිද ගියේය. ව්‍යාඝ්‍රයා, එහි තැඹිලි සහ කළු ඉරි සහිත විශාල සිරුර සමඟින්, සන්සුන්ව අවධානයෙන් සිටිමුත් ඇස් අඳුරේ දිදුලමින් තිබුණි.
කිසිදු පැකිලීමකින් තොරව, කේ. සී. ව්‍යාඝ්‍රයාට සමීප විය. ඔහු නැමී, උගේ ඝන ලොම් සහිත හිස මත මෘදුව අත තබා, ආදරයෙන් පිරිමැද්දේය.
ඔහු විශාල බළලා අසල වාඩි වී, අත මුහුණ ඉදිරිපිට වනමින්,
“ගිහින් නාගනිං… උඹ මට වඩා ගඳයි!” සිනාසෙමින් කීවේය.
ව්‍යාඝ්‍රයා චලනය නොවීය. ඌ එතැනම සිටියේ, සිදු වූ දෙය ගැන මුළුමනින්ම ව්‍යාකූල වී, මිනිසෙක් තමන්ව සුරතල් කළ බව විශ්වාස කළ නොහැකි ලෙසිනි.
ඉන්පසු, ඌ සෙමින් හැරී, පාරෙන් ඉවතට ගොස්, රාත්‍රියේ අඳුරට අතුරුදහන් විය.
කේ. සී. සිනාසෙමින් බෝතලයෙන් තවත් උගුරක් ගෙන, ගෙදර යාමට නැගිට්ටේය. ඔහු තවමත් සිතුවේ, ඔහු බළලෙක්ට ආදරෙන් කතා කළා කියාය.
Credit – Madhu Weerasooriya

Post a Comment