එකම පවුලේ ඥාතීන් පිරිසක් ගමන් ගත් ත්රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙක් ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද (21) සිදු වූ අනතුර නිසා ත්රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු 08ක ළමයෙක් ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
මෙසේ ගොස් ඇත්තේ මාර්තුවෙල, එරමුල්ල, මන්දාරම්නුවර පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.
රිකිල්ලගස්කඩ - මහනුවර මාර්ගයේ හුළං වංගුව ප්රදේශයේදි අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
ඥාතීන් පිරිස එරමුල්ල ප්රදේශයේ සිට මහනුවර දළදා මාලිගාව වෙත පැමිණෙමින් සිටියදීයි අනතුරට ලක්ව ඇත්තේ.
ත්රීරෝද රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බස් රථයේ රියදුරු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන ක්රියාත්මකයි.

Post a Comment