අංජුල මහික වීරරත්න සහ පද්මසිරි ගාර්දියවසම්
දරුවන්ගේ වෙනස් වෙනස්වීම් ගැන ඉතා අවධානයෙන් ඉන්නැයි ඉල්ලා සිටින බව රංගන වේදිනී අනෝජා වීරසිංහ මහත්මිය රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහන අමතමින් පැවසුවාය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී මෙම වැඩසටහන ඇරැඹිණි.
“අපේ ජනාධිපතිතුමාගේ ගමන ගැන මා වසර ගණනාවක් බලා සිටියා.ඔහුගේ මිනිසුන්ට ඇති ආදරය ගැන මා බලා සිටියා.මා මේ දිනවල රංගනයෙන් ඈත්ව යෝගිනියක ලෙස කටයුතු කළා. නමුත් එයින් මඳක් ඈත්ව පුනරුත්ථාපන කාර්ය සඳහා යොමු වන්නට මා තීරණය කළා.දරුවන්ගේ වෙනස් වීම් ගැන ඔබ නිරන්තර අවධානයෙන් ඉන්න.දරුවන්ට ආදරය දෙන්න. ඵලයට බෙහෙත් කරනවා මිසක් හේතුව හොයන්නේ නෑ යනුවෙන්ද අනෝජා වීරසිංහ මහත්මිය කීවාය.
source – Lankadeepa

Post a Comment