සුභසාධන ගෙවීම් ලැබීමට සුදුසුකම් ඇති ප්රතිලාභීන්ගේ ලැයිස්තුව යාවන් කාලීන කිරීමට සුභසාධන ප්රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, 2023 දී රජයේ සුභසාධන ගෙවීම් අපේක්ෂාවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ලියාපදිංචි වී තොරතුරු ලබා දී ඇති සියලුම පුද්ගලයින්ගේ තොරතුරු යාවන් කාලීන කිරීම 10 වන දින සිට ආරම්භ වන බව මණ්ඩලය නිවේදනය කර ඇත.
මේ අතර, ලබන වසරේ සුභසාධන ගෙවීම් ලැබීමට බලා සිටින අදාළ පුද්ගලයින්ට නැවතඔවුන්ගේ තොරතුරු යාවත් කාලීන කිරීම අනිවාර්ය බව දන්වා ඇත.
මේ සඳහා, ඔවුන්ට wbb.gov.lk හි සුභ සාධන ප්රතිලාභ මණ්ඩල වෙබ් අඩවියට පිවිසිය හැකිය. ඊට අමතරව ඔවුන්ට අයදුම්පත් පුරවා ප්රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ හැකිය.

Post a Comment