අද අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් බවද, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙස වාර්තා වී ඇති බවද එහි සදහන්.
එමෙන්ම මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය 17.4ක්.
මේ අතර අනුරාධපුරය ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.6ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

Post a Comment