ලංකාවේ අපි මොනවා උයන්න ගත්තත් ඉස්සෙල්ලම හොයන්නේ පොල්තෙල් ටිකයි. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ කඩේට ගිහින් "මුදලාලි තෙල් 500ක් දෙන්න" කියලා ෂොපින් බෑග් එකකට දාගෙන එන එක. එහෙම නැත්තම් කඩේ ඉස්සරහ අව්වේ වේලෙන බෝතල්වල තියෙන තෙල් ගේන එකයි.
ඔයා ගෙනාවේ ඇත්තටම "පොල්තෙල්" ද? නැත්තම් වස විස ද? අද කාලේ ලෙඩ රෝග වැඩි වෙන්න මේ තෙල් බෝතලේ ලොකු හතුරෙක් වෙලා තියෙනවා. කඩෙන් තෙල් ගේන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න.

1. "ශුද්ධ පොල්තෙල්" ද? "කවලම් තෙල්" ද?
ලංකාවේ කඩවල විකුණන බහුතරයක් ලූස් (Loose) පොල්තෙල්වල ඇත්තටම පොල්තෙල් තියෙන්නේ 20% - 30% ක් විතරයි. ඉතිරි ඔක්කොම පාම් ඔයිල් (Palm Oil) හෝ වෙනත් බාල තෙල් වර්ගයි.
හඳුනාගන්නේ කොහොමද? මේවා බැදපු ගමන් ඉක්මනට කර වෙනවා, පෙණ දානවා, ඒ වගේම රත් කළාම අමුතු ගඳක් එනවා. මේවා කෙලින්ම බලපාන්නේ ඔබේ හදවතට සහ ලේ නහරවලටයි (Cholesterol).
2. ඇසට නොපෙනෙන දිලීර (Aflatoxin)
පිළිකා කාරක පොල්තෙල් ගැන ඔබ අසා ඇති. වේලුණු පොල් (කොප්පරා) හරියට වේලුවේ නැතිනම් ඒවායේ පුස් හැදෙනවා. මේ පුස් සහිත පොල්වලින් තෙල් හිඳින විට ඇෆ්ලටොක්සින් (Aflatoxin) නම් විස තෙල්වලට එකතු වෙනවා. මෙය ඇසට පෙනෙන්නේ නැහැ, රත් කළාට විනාශ වෙන්නෙත් නැහැ. හැබැයි අක්මාවට කෙලින්ම විෂ වෙනවා.
3. සරලම පරීක්ෂණය - ෆ්‍රිජ් එක (The Fridge Test)
ඔබ ගෙනාපු තෙල් එකේ ගුණාත්මකභාවය බලන්න ලේසිම විදිය මෙයයි. තෙල් ටිකක් පොඩි වීදුරුවකට දාලා සාමාන්‍ය ෆ්‍රිජ් එකේ (Freezer එකේ නෙවෙයි) පැයක් තියන්න.
හොඳ තෙල් නම්: සම්පූර්ණයෙන්ම සුදු පාටට, ගලක් වගේ මිදෙන්න ඕන.
කවලම් නම්: තෙල් එක තට්ටු දෙකකට මිදෙන්න පුළුවන්. නැත්තම් හරියට මිදෙන්නේ නැතුව වතුර වගේ ඉතිරි වෙන්න පුළුවන් (පාම් ඔයිල් මිදෙන්න ගොඩක් වෙලා යනවා).
4. බූලිය සහ අව්ව
පොඩි කඩවල තෙල් බූලි අව්ව වැටෙන තැන්වල තබා තිබේ නම් ඒවා ගන්න එපා. ඉර එළිය වැටුණු විට ප්ලාස්ටික් බූලියේ ඇති රසායනික විස තෙල්වලට එකතු වෙනවා වගේම, තෙල් ඉක්මනින් පරණ (Oxidize) වෙනවා.
💡 ගෘහණියන්ට උපදෙසක්:
රුපියල් 50ක් 100ක් ලාබෙට බාල තෙල් ගේනවාට වඩා, SLS සහතිකය තියෙන, පිළිගත් බ්‍රෑන්ඩ් එකක බෝතල් කළ තෙල් එකක් ගැනීම සෞඛ්‍යයට ඉතා ගුණදායකයි. පුළුවන් නම් තෙල් හිඳින තැනකින්ම ඔබේ ඉදිරිපිට හිඳගත් තෙල් ලබාගැනීමට උත්සාහ කරන්න.
උපුටා ගැනීමකි

Post a Comment