කුස්සියේ උයනකොට හැමදාම දකින දෙයක් තමයි ගෑස් ලිපේ ගින්දර. සාමාන්‍යයෙන් හොඳ ගෑස් ලිපක් පත්තු වෙන්න ඕන ලස්සන "නිල්" පාටට (Blue Flame). ඒත් ඔයාගේ ලිපේ ගින්දර තැඹිලි පාටට (Orange/Yellow) හරි රතු පාටට හරි පත්තු වෙනවා දැකලා තියෙනවාද?
අපි හිතන්නේ "ආ ගෑස් ඉවර වෙන්න ළඟයි, ඒකයි පාට වෙනස්" කියලා. සමහර විට ඒකත් වෙන්න පුළුවන්. හැබැයි ගෑස් තියෙද්දීත් මෙහෙම පත්තු වෙනවා නම්, ඒ කියන්නේ ඔයාට ලොකු පාඩුවක් වගේම අනතුරක් ළඟ එනවා කියන එකයි.

ඇයි තැඹිලි පාට භයානක?
1. ගෑස් නාස්තිය (Wasted Gas) 💸 නිල් පාටින් කියන්නේ ගෑස් සම්පූර්ණයෙන්ම දහනය (Complete Combustion) වෙනවා කියන එක. හැබැයි තැඹිලි පාටින් කියන්නේ ගෑස් හරියට පිච්චෙන්නේ නෑ කියන එක. සරලවම කිව්වොත්, නිල් පාට ලිපක විනාඩි 5න් රත් වෙන වතුර එක රත් වෙන්න, තැඹිලි පාට ලිපක විනාඩි 10ක් යනවා. ඔයා සල්ලි දීලා ගත්ත ගෑස් ටැංකිය නිකරුණේ අහසට යනවා. මාසේ අන්තිමට ගෑස් ටැංකිය ඉක්මනට ඉවර වෙන්නේ මේකයි.
2. වලන් කලු වීම (Soot) 🥘 ලිප තැඹිලි පාටට පත්තු වෙනවා නම්, ඔයාගේ වලන් අඩියේ කළු පාට කුඩු (Soot) බැඳෙනවා නේද? වලන් අතුල්ලන්න ගියාම අත් දෙකත් රිදෙනවා. මේ කාබන් කුඩු හැදෙන්නේ අර නොපිච්චුණු ගෑස් නිසා.
3. නිහඬ මරුවා (Carbon Monoxide) ☠️ මේක තමයි භයානකම දේ. තැඹිලි පාට දැල්ලෙන් පිටවෙන්නේ කාබන් මොනොක්සයිඩ් කියන විෂ වායුව. ඔයාගේ කුස්සිය හොඳට හුළං වැදෙන්නේ නැති, ජනෙල් වහපු තැනක් නම්, මේ වායුව එකතු වෙලා ඔයාට කරකැවිල්ල, ඔක්කාරය සහ හිසරදය ඇති වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව මේක හුස්ම ගැනීම පෙනහළු වලට හොඳ නෑ.
මොකද කරන්න ඕන?
ගොඩක් වෙලාවට මේකට හේතුව ලිපේ බර්නර් එකේ (Burner) කුණු හිරවෙලා තිබීම.
බත් උයනකොට වතුර ඉතිරුවාම, කිරි ඉතිරුවාම ඒවා බර්නර් එකේ හිල් අස්සේ හිරවෙනවා.
පරණ ටූත් බ්‍රෂ් එකක් අරන් බර්නර් එකේ හිල් ටික හොඳට සුද්ද කරන්න.
සුද්ද කරලත් තැඹිලි පාට නම්, කාර්මිකයෙක් ලවා ගෑස් ලිපේ "Air mixture" එක චෙක් කරගන්න.
නිකරුණේ සල්ලි පුච්චන්න එපා. අදම ලිප පත්තු කරලා පාට බලන්න.
උපුටා ගැනීමකි

Post a Comment