ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින නොබිඳෙන මිත්‍රත්වය යළිත් තහවුරු කරමින්, මෙරටට අවශ්‍ය ඕනෑම මොහොතක ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට ඉරානය සූදානම් බව ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
🔰 - කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, "ශ්‍රී ලංකාව ඉල්ලා සිටියහොත් ඕනෑම මොහොතක ඉන්ධන සහ බොරතෙල් ලබාදීමට ඉරානය පසුබට වන්නේ නැත" යනුවෙනි.
🔰 - ඔහු තවදුරත් කියා සිටියේ "ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට ඉරානයට අවශ්‍ය නැත. ලංකාව අපට ඉතා ගෞරවනීය රටක්," යනුවෙන් තානාපතිවරයා පවසා සිටියේ දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික බැඳීම සිහිපත් කරමිනි.

ඉරානය විසින් සිය මිත්‍ර රටවල් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා නොමැති බවත්, නාවික ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් සහයෝගය දක්වන බවත් මෙහිදී අනාවරණය විය.
🔰 - මෙහිදී ඉරාන 'IRIS Dena' යුද නෞකාව ආපදාවට පත් වූ අවස්ථාවේදී, ඉරානය ඉල්ලීමක් කිරීමටත් පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මානුෂීය මෙහෙයුම තානාපතිවරයා මහත් ඉහළින් අගය කළේය.
🔰 - තවද ඉරානය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පුළුල් යටිතල පහසුකම් සලසා ඇති බවත්, ඔවුන්ට දැනට කිසිදු ගැටලුවක් නොමැති බවත් තානාපතිවරයා සහතික විය.
🔰 - "කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍යතාවයක් ඇත්නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැපයීමට ඉරාන රජය පූර්ණ සහය ලබා දෙනවා." යයි ඔහු තවදුරත් මාධ්‍ය හමුවේදී පවසා ඇත .
🔴- "කලාපීය දේශපාලන අර්බුද හමුවේ වුවද, ඉරානය මෙලෙස ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන විශේෂ ලෙන්ගතුකම සහ සහයෝගය ශක්තිමත් මිත්‍රත්වයක පෙරනිමිත්තකි. කෙසේ වෙතත්, බලශක්ති අර්බුදයකදී ඉරානය වැනි රාජ්‍යයක සහය ලැබීම මෙරටට විශාල අස්වැසිල්ලක් වුවද, මෙම රාජ්‍යතාන්ත්‍රික සමීපතාවය හමුවේ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ කෙසේ ගනුදෙනු කරනු ඇතිද යන්න තීරණාත්මක ප්‍රශ්නාර්ථයකි.

Post a Comment