ලෝක බලවතුන්ගේ අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවෙද්දී, එහි ඇති වී තිබෙන උණුසුම් යුද වාතාවරණය නිසා ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට මරු පහරක් එල්ල වී තිබෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා තෙල් මිල සටහන් වූයේ ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් සතිපතා වාර්තාගත මිල ඉහළ යාමක් පෙන්නුම් කරමිනි.
ආර්ථික වාර්තා පෙන්වා දෙන්නේ West Texas Intermediate (WTI) බැරලයක මිල එකවරම 12.21%කින් ඉහළ ගොස් ඩොලර් 90.90ක් ලෙස සටහන් වූ බවයි. මෙය 1983 වසරේ සිට අදාළ කොන්ත්‍රාත්තු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සතිපතා මිල ඉහළ යාම ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම ලෝක වෙළඳපොළේ Brent (බ්‍රෙන්ට්) බැරලයක මිලද 8.52%කින් ඉහළ ගොස් ඩොලර් 92.69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය 2020 අප්‍රේල් මාසයෙන් පසු එම වෙළඳපොළේ වාර්තා වූ ඉහළම මිල වර්ධනයයි.
තත්ත්වය මෙලෙසම ඉදිරියට ගියහොත් මුළු මහත් ගෝලීය ආර්ථිකයම දැඩි අර්බුදයකට ලක්විය හැකි බවයි කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) පවසන්නේ.
විශේෂයෙන්ම තෙල් නෞකාවලට හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකි වුවහොත්, ඉදිරි සති කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවටත් ඔහු බිය පළ කරනවා. එය "ලෝක ආර්ථිකයන් කඩා වැටීමට" සෘජුවම බලපෑ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මූලාශ්‍රය: CNBC

Post a Comment