ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ උත්සවයකදී පිඹුරෙකු ගෙලේ රඳවාගෙන සත්වයාට හිංසා වන අයුරින් නර්තනයේ යෙදුණු බවට චෝදනා ලැබූ තරුණිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න මහතා, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
කොළඹ කුරුඳුවත්ත රෝයල් මාර්ක්ස් අරීනා පරිශ්‍රයේ පැවැති රාජකීය අවුරුදු කුමරා කුමරිය තේරීමේ උත්සවයේදී නෙත්මි හිරන්‍යා නැමැති මෙම තරුණිය ආරක්ෂිත සත්වයෙකු වන පිඹුරෙකු ගෙලේ පටලවාගෙන නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.
මෙය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් වනජීවී නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබුණා.

මීට පෙර අවස්ථාවලදී ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද සැකකාරිය එය මඟහැර සිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට ඊයේ වරෙන්තු නිකුත් කෙරුණා.
වනජීවී නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට වනජීවී කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අද ඇයව අත්අඩංගුවට ගත් බවයි.
මෙම නර්තනය සඳහා පිඹුරා ලබා දී ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම තරඟය සංවිධානය කළ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ නැමැති අයගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව වනජීවී නිලධාරීන් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදී තිබුණා.

Post a Comment