මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් කම්පනයක් ගෙන දෙන පුවතක්..
නාවලපිටිය මාපාකන්ද ප්රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් මතට ප්රධාන මාර්ගය අභියස තිබූ යූ කැලිප්ටිස් ගසක් කඩා වැටිමෙන් එම ත්රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (04) උදෑසන 6:45ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

ගස කඩා වැටිමෙන් යට වී මිය ගොස් සිටි තිදෙනා නාවලපිටිය පොලිසියේ නිළධාරින් සහ ප්රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර සිරුරු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.
ප්රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දී තිබුණත්, එයට මෙතෙක් විසඳුම් නොලැබිම හමුවේ එම ගස ත්රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවයි.
අනතුර පිළිබඳ නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Post a Comment