රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකමින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්.
කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් වන ඔහු පසුගිය 22 වෙනිදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

සැකකරු විසින් සිය අතෙහි රැගෙන ආ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ ද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් නොතිබුණ අතර, ඔහුගේ අනෙක් ගමන් මල්ල එම ගුවන් යානයෙන් පැමිණ නැහැ. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඔහුට ගුවන් තොටුපොළෙන් පිටව යාමටඅවසර ලබාදී තිබෙනවා.
ප්‍රමාද වූ ගමන් මල්ල පසුව ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබූ අතර, එය භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට පැමිණ තිබෙනවා.
එම ගමන් මල්ල නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය නිරීක්ෂණයවීම හේතුවෙන් එය පූර්ණ භෞතික පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
එහිදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් අසුරා තිබී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සිදුකෙරුණා.
credit goes to respective owners

Post a Comment