අද අපි මේ විදිහට ඔබත් එක්ක කතා කරන්න යන්නේ මුළුතැන් ගෙට සම්බන්ධ ඉතාම වැදගත් වාස්තු විද්‍යාත්මක කරුණු කිහිපයක් ගැනයි
ඇත්තෙන්ම මුළුතැන් ගෙය කියල කියන්නේ සෞභාග්‍යයේ සංකේතය කිව්වොත් නිවැරදියි. වාස්තූ ශාස්ත්‍රයට අනුව මුළුතැන්ගෙය තුළ විවිධ ද්‍රව්‍ය තියෙන්නේ කොහොමද සහ කොපමණ ප්රමාණවලින්ද කියන එක ඉතාමත් වැදගත්.
ඉතින් මුළුතැන්ගෙය තුළ කොයිම ආකාරයකින් වත් හිග වෙන්න හොද නැති දේවල් පහක් ගැන තමයි අපි අද මේ විදිහට ඔයාට කියන්න යන්නේ. මේ කියන දේවල් නිවසට සෞභාග්‍යය ගෙනත් දෙනවා කියලයි සදහන් වෙන්නේ.

01 ලුණු
කිසිම දවසක මොනම හේතුවක් නිසා වත් ලුණු ගෙදර ඉවර වෙනකම්ම ඉන්න එපා. ඒ වගේම අසල්වාසීන් සමග ලුණු හුවමාරු කරගන්නත් එපා. ලුණු සලකන්නේ ධනයට සමාන සංකේතයක් විදිහට.
ඒ වගේම ලක්ෂ්මි දේවිය සමග සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා තමයි ලුණු ටිකක් බිම වැටුනත් අපි ගොඩක් කලබල වෙන්නේ. ඒක හරියට වතුර නාස්ති කරන්න හොඳ නැහැ වගේ තමයි. ඉතින් විශ්වාසයක් තියෙනවා ලුණු ඉවර වුන නිවසකට නපුරු බලවේග, දුෂ්ට මායාවන් සහ අසුබ ආරංචි ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා.
02 කහ
කහ කියන්නේ සෑම ආගමකම චාරිත්‍ර වලට ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ වගේම නිවසේ තියෙන විවිධ උත්සව වලදීත් යොදාගත හැකි ඉතාමත්ම සුබ අමුද්‍රව්‍යයක්. එය වාසනාව හා සම්බන්ධ වෙනවා. ඔයාට සුබ ආරංචි නම් අහන්න ලැබෙන්නේ නැහැ නිවසේ කහ ඉවර වෙලා තිබුනොත්. ඉතින් ඔයාට සුබ ආරංචි ඔයාගේ නිවසට එන එක වළක්වන්න ඕනේ නැත්නම් කවදාවත් නිවසේ කහ ඉවර වෙනකන් ඉන්න එපා. ඉවර වෙන්න කලින් කහ ගෙනල්ලා තියාගන්න.
03 කිරි
සමහර අය නිවසට කවුරු හරි ආවම කිරි ගේන්න කඩයට දුවල යනවා. අමුත්තන් කියන්නේ දෙවියන්ගේ ස්වරූපයක්. ඉතින් ඒ වෙලාවට සංග්‍රහ කරන්න තේ හෝ වෙන යම් දෙයක් හදලා දෙන්න කිරි තිබුණේ නැත්නම් ඒ අපි දෙවියන්ට කරන අගෞරවයක් විදිහට සලකනවා. ඉතින් ඔයාට දේවාශිර්වාදය නිරතුරුවම ඕනේ නම් මේ දේ වෙන්න ඉඩ තියන්න එපා. නිතරම කිරි නිවසේ තියාගන්න අමතක කරන්න එපා. ඒ වැඩිහිටි කුඩා දෙගොල්ලන්ටම වාසිදායක දෙයක්.
04 පිටි වර්ග
නිතරම හාල් පිටි, පාන් පිටි, ආටා පිටි, බාර්ලි පිටි වගේ ඇට වර්ග වලින් සකසන ලද පිටි වර්ග නිවසේ ඉවර වෙන කලින් ගෙනල්ලා තියාගන්න. ජ්‍යෝතිෂ්‍යයට අනුව පිටි වර්ග හරි වෙලාවට ගෙනල්ලා තියාගත්තේ නැත්නම් නිවසේ සිටින කෙනෙක්ගේ ගෞරවයට හානි වෙන්න, අපකීර්තියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිස් පිටි භාජන මානසික ව්‍යාකූලත්වයට බලපානවා.
05 සහල්
කවදාවත් නිවසේ හාල් ඇටයක්වත් නැති වෙන්න දෙන්න එපා. ඉවර වෙන්න කලින් ගෙනල්ලා තියාගන්න. වේද ශාස්ත්‍රයට අනුව ඉවර වුන සහල් ඇති නිවසකට සිකුරු ග්‍රහයාගෙන් අසුභ බලපෑම් ඇති වෙනවා. ඉතින් සිකුරු ග්‍රහයා සුභවාදීව තියාගන්න නම් කවදාවත් සහල් ඉවර වෙනකන් ඉන්න එපා.
ඉතින් මේ ලුණු, කහ, කිරි, පිටි වර්ග සහ සහල් කියන්නේ මුළුතැන්ගෙය තුළ නැතුවම බැරි දේවල්. ඒ නිසා අද අපි කියලා දුන්න විදියටම මේ දේවල් ඉවර වෙන්න ඉස්සෙල්ලා නිවසට නැවත ගෙනල්ලා තියාගත්තොත් ඔයාට වෙන්න තියෙන ධන හානී සහ අසුබ දේවල් නැතිකර ගන්න පුළුවන්.
credit goes to responsible person

Post a Comment