අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පොඩි අසනීපයක් ආවම "ගෙදර වෙදකම්" කරලා ඒක යටපත් කරන්න. නමුත් ඔබ දන්නවාද? ලංකාවේ පිළිකා රෝගීන්ගෙන් විශාල පිරිසක් රෝහලට එන්නේ රෝගය '4 වන අදියරට' පැමිණි පසුව බව? ඔවුන් මාස ගණනාවක් තිස්සේ සාමාන්‍ය රෝගයක් යැයි සිතා රැවටී සිටි රෝග ලක්ෂණ, ඇත්තෙන්ම පිළිකාවක පෙරනිමිති විය හැකියි.
පිළිකාවක් කියන්නේ වේදනා රහිතව පටන් ගෙන, මුළු ශරීරයම ආක්‍රමණය කරන මාරයෙක්. මේ කියන ලක්ෂණ 7 ගැන අවධානයෙන් සිටියොත්, ඔබට පුළුවන් කල් තියාම මාරයාව හඳුනාගන්න.
1. හේතුවක් නැතිව බර අඩු වීම
ඔබ ඩයට් කරන්නේ නැතුව, ව්‍යායාම කරන්නේ නැතුව ඉබේම කිලෝ 5ක් 10ක් බර අඩු වෙනවා නම් සතුටු වෙන්න එපා. පිළිකා සෛල ඔබේ ශරීරයේ ශක්තිය උරා බොන විට මෙලෙස ශීඝ්‍රයෙන් බර අඩු විය හැකියි. මෙය ආමාශයේ හෝ අග්න්‍යාශයේ පිළිකා වල ප්‍රධාන ලක්ෂණයක්.

2. කෑම ගිලීමේ අපහසුව
බත් කටක් කෑවම ඒක පපුවේ හිරවෙනවා වගේ දැනෙනවාද? නිතරම උගුරේ යමක් හිරවී ඇති බවක් දැනෙනවාද? ගොඩක් අය මෙය "ගැස්ට්‍රයිටිස්" හෝ "සෙම" ලෙස වරදවා වටහා ගන්නවා. නමුත් මෙය අන්නශ්‍රෝතයේ පිළිකා තත්ත්වයක් විය හැකියි.
3. නොනවතින තෙහෙට්ටුව
කොච්චර නිදාගත්තත් මහන්සියිද? ඇඳෙන් නැගිටගන්න බැරි තරම් ඇඟට පණ නැති ගතියක් දැනෙනවාද? මෙය සාමාන්‍ය මහන්සියක් නොවෙන්න පුළුවන්. රුධිර පිළිකා හෝ බඩවැලේ පිළිකා නිසා රුධිරය අඩු වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
4. මළපහ හෝ මුත්‍රා වල වෙනස්කම්
මළපහ සමඟ රුධිරය පිට වෙනවා නම් එය මූලග්ගාය කියා පමණක් සිතන්න එපා. දින ගණනාවක් පවතින බඩ බුරුලට යාම හෝ මළබද්ධය මහා බඩවැලේ පිළිකා ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම මුත්‍රා සමඟ ලේ පිටවීම මුත්‍රාශයේ හෝ වකුගඩු පිළිකා ලක්ෂණයක්.
5. සුව නොවන තුවාල සහ ලප කටේ තියෙන තුවාලයක් සති ගාණක් බෙහෙත් කළත් සුව වෙන්නේ නැද්ද? සමේ තිබෙන ලපයක පාට හෝ ප්‍රමාණය දිනෙන් දින වෙනස් වෙනවාද? මේවා සමේ පිළිකා හෝ මුඛ පිළිකා ලක්ෂණ විය හැකියි.
6. නොනවතින හිසරදය, කොන්දේ කැක්කුම හෝ බඩේ කැක්කුම බෙහෙත් බිව්වත් අඩුවෙන්නේ නැතිව දිගටම තියෙනවා නම් ප්‍රවේසම් වන්න. මොළයේ පිළිකා හෝ අස්ථි පිළිකා මුලින්ම එන්නේ මේ විදිහට.
7. පියයුරු වල හෝ ශරීරයේ ඇති වන ගැටිති , පියයුරු වල පමණක් නොව, කිහිලි, බෙල්ල හෝ වෘෂණ කෝෂ ආශ්‍රිතව අලුතින් ගැටිත්තක් අතට අසුවෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. එය වේදනාවක් නැති වුවත් භයානක විය හැකියි.
පිළිකාවක් මුල් අවධියේ හඳුනාගත්තොත් (Stage 1 or 2), එය සුව කිරීමට පහසුයි වගේම යන වියදම අඩුයි. නමුත් කල් ගත වුනොත්, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා ලක්ෂ ගණන් නොව කෝටි ගණන් වැය වෙන අවස්ථා තිබෙනවා. රජයේ රෝහල් වල නොමිලේ ප්‍රතිකාර ලැබුණත්, සමහර පරීක්ෂණ සහ විශේෂ ඖෂධ පිටතින් ගැනීමට සිදුවිය හැකියි.
ඒ නිසා "අයියෝ මේක පොඩි ලෙඩක්නෙ" කිය කිය ඉන්නේ නැතුව, අමුතු රෝග ලක්ෂණයක් ආපු ගමන් ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න.
credit goes to respective owners

Post a Comment