ජූලි 06 ඉඳන් බස් එකේ යන්නත් සෑහෙන ගාණක් අතේ තියාගන්න වෙයි...
අවම ගාස්තුව 34යි!
බඩු මිල අහස උසට නැගලා මිනිස්සු කොහොමහරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න හැටි අපි කවුරුත් දන්නවනේ. ඔන්න ඒ අස්සේ සාමාන්‍ය ජනතාවට තවත් කනේ පාරක් වදින ආරංචියක් තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ආයෙත් සැරයක් බස් ගාස්තු ඉහළ යන්නයි යන්නේ.
ලබන ජූලි 06 වැනිදා ඉඳන් ඔන්න අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ නංවන්න ජාතික ගමනාගමන කොමිසම එක්ක එකඟතාවයකට ඇවිත් තියෙනවා. මේ ගැන මාධ්‍යයට කරුණු හෙළි කරලා තිබුණේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතායි.
ඒ කියන්නේ ජූලි 6 ඉඳන් රුපියල් 30ක් දීලා ළඟම හෝල්ට් එකට බහින්න හිතාගෙන හිටපු කාලෙ නම් ඉවරයි.

අවම ගාස්තුව 34ක් වෙනවා වගේම ගම්බිම් බලා යන අයටත් මේකෙන් ලොකුම බලපෑමක් වෙනවා. ගැමුණු විජේරත්න මහතා කියන විදිහට, කිලෝමීටර් 100 දක්වා දුරකට 12% කින් බස් ගාස්තු වැඩිවෙනවා. ඒ විතරක් නෙවෙයි, කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් වාර සඳහා බස් ගාස්තුව 20% කින්, ඒ කියන්නේ සෑහෙන ලොකු ගාණකින් වැඩි කරන්නත් දැන් දෙපාර්ශ්වයම එකඟ වෙලාලු තියෙන්නේ.
ඉතින් ලබන 06 වැනිදා ඉඳන් නම් සාක්කුවේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගෙන, බස් එකේ යන්න කලින් ගාණ හරියටම අතේ තියාගන්න එක තමයි හැමෝටම කරන්න වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට නම් මේ යන විදිහට ඉස්සරහට පයින් තමයි යන්න වෙන්නේ!

Post a Comment